6.19.2011

ජීවිතය සහ ජ්‍යාමිතිය

කොහොමද කට්ටිය?

මේකනම් මේ බ්ලොග් ලියන වෙලාවක් නම් නෙමෙයි. ටිකක් කලින් නිදාගන්න කියල හිතන් නින්දට හියා මදැයි මහ පාන්දර හීනයක් දැකල ඇහැරුනානේ. දැන් ඉතින් මගුල නින්ද යන්නෙත් නැහැ බයවුන පාරට :D දැන් වෙන අහවල් එකක් කරන්නද, පොඩි බ්ලොග් පෝස්ට් එකක්වත් ලියන්න හිතුනා මොකද ආයෙ කොයි කාලෙ ලියන්න වෙයිද දන්නෙ නැහැනේ මේ දැන් යන තාලෙට ගියොත්. (ඇත්තද දන්නේ නැහැ ඔය කට්ටිය කියන්නේ මේ අපි පට්ට ආතල් එකේ ගෙවල්වල ඉඳන් ගතකරන්නේ අපේ Research Term එකයි Reading week එකයි කියල) කාලෙකට පස්සේ විජේසේකරය අතෑරලා අපේ TPගේ සිංග්‍රීසිය පාවිච්චිකරන්න හිතුනා.

ජීවිතය කියන දේ හරි පුදුම දෙයක්. අපි කාටවත්ම ඒක අරෙහෙමයි මෙහෙමයි කියලා විස්තර විග්‍රහ කරන්න බැහැ. ඒ වුනාට ජ්‍යාමිතියේ එන මූලික දේවල කිහිපයක් එක්ක මම දැක්ක දේවල් කිහිපයක් මම දැන් සසඳන්න හදන්නේ. තව මොනාහරි ඔයාලටත් හිතුනොත් පහලින් එකතු කරන්න අමතක කරන්න එපා ඔන්න.


ජීවිතය හරියට ඉරක් රේඛාවක් වගේ. විටෙක සරලයි ඒ වගේම විටෙක කඩ ඉරියි. තව තැනක තිත් ඉරි වගේ. පටන් ගන්න තැනත් ඉවර වෙනන ඕනි තැනත් අපිටම තීරණය කරන්න පුලුවන් ගොඩක් වෙලාවට.
ඉපදීම මරණය සහ නැවත ඉපදීම රවුමක් වගේ.
දේහය සමමිතිකයි
දෙනෙත කිසිදා එකිනෙක හොමුනොවන සමාන්තර රේඛා යුගලක් වගේ.
නාසය කොහෙන් බැලුවත් ත්‍රිකෝණයක් විදිහටයි පේන්නේ.
තරහ මූඩ් වුනත් සතිටි මූඩ් වුනත් මුවග අඩ කවයකි/ජ්‍යායකි.
හදවත නවතිනතාක් කඩ ඉරකි නැවතුනුකල්හි සරල රේඛාවකි.
ජීවිතය පුරා කරන් කියන හැමදේටම අංශක වලින් සීමාවක්ද ඇත.
ආදරය හරියට ඉමක් කොනක් හොයාගන්න බැරි වෘත්තයක් වගේ.
තමපවුලේ සාමාජිකයන් හරියට සවිධි බහුඅස්‍රයක් පාද වගේ. එමෙන්ම පවුල සවිධි බහුඅස්‍රයක් වගෙයි.
අතිජාත මිතුරු කැල විෂම පාද බහුඅස්‍රයක් වගේ.
ඔබයි මමයි අනන්තයෙදී පමණක් හමුවන සමාන්තර රේඛා යුගලයක්මයි.

ජීවිතය කියන දේ හරි පුදුම දෙයක් :)

තමීර මචෝ මේක අගනා භාණ්ඩයක්ම තමයි. ලිනක්ස් වල විජේසේකරේ කොටල එපාවෙලා තියෙන්නේ. නරකද අපිටත් මේවගේ එකක් හදන්න බැලුවොත්. සිංග්‍රීසි ගූගල් ක්‍රෝම් ඇඩෝනයත් පට්ට.

දැන්නම පොඩි නිදිමතක් ආයෙත් එනවා. නිදාගන්න ඕනි කොහොමහරි. :D
ගිහින් එන්නම්!!! ඔබට ජය!!

2 comments:

  1. එල එල, බලමුකො ඉස්සරහට. :D

    ReplyDelete
  2. හැබැයි විජේසේකර කීබෝඩ් එක නේද ලේසි? මමත් විජේසේකරෙන් තමයි කොටන්නෙ. සිංග්‍රීසියෙන් ගහන එක වෙලා යන වැඩක්නෙ.

    ReplyDelete