6.08.2011

හදිස්සිය

කොහොමද හැමෝගෙම සැප දුක එහෙම? කාලෙකින් සිංහලෙන් ලිපියක් ලියන්න බැරිවුනු නිසා ඔන්න මම හිතුවා අද පොඩි එකක් ලියන්න. හැමොටම මේ ගෝලීයකරණයත් එක්ක හම්බවෙන තෑග්ගක්තමයි මේ හදිස්සිය. හරි මම එහෙම කියන එක වැරදිද? තමන්ම ටිකක් තනියෙන් හිතල බලලම උත්තරයක් දෙන්න බලන්නකෝ….කියුවට මොකද මාත් මේ හදිස්සියෙ  තමයි මේ ලිපියත් ලියන්නෙ Smile

2000  විතර තමයි මම මගේ මුල්ම පරිඝණකය ගත්තේ. ඒ කාලෙදිම වගේ තමයි අන්තර්ජාලය මුල්ම වතාවටම පාවිච්චිකරන්න පටන්ගත්තෙ මම. 28.8kbps මෝඩමයක් තමයි මුලින්ම මට තිබුනේ. කාලයත් එක්ක මගේ හදිස්සිය වැඩිවුනා. මේ අපි දැන් ඉන්නේ 2011 වරිෂයේ.සහ දැන් මට අන්තරිජාලය නැතුවම බැහැ. කොහොට මාරුවෙයිමවුනත් 28.8kbps කෙසේවෙතත් දැන්නම් මට 7.2Mbps තිබුනත් මදිවගේ. 3G හරි 3.5G හරි මොකක්හරි කමක්නැහැ දැන් අපි කතා කරන්නේ 4G/LTE තාක්ශණය ගැන විතරමයි. වැඩි කාලයක් යන්න කලින්ම මමත් 4G වලට මාරුවෙයි. අවුරුදු 11ක් ඇතුලත කොයිතරම්නම වෙනසක් වෙලාද මේ අධිවේගී දියුණුව නිසා.

ඒ කෙසේ වුනත් මට පැහැදිලි එකම එක වෙනසක් මට වෙලා තියෙනවා. එදා 2000දි යම් වෙබ් අඩවියක් වෙත යොමුවෙන්න ගිය කාලයට වඩා දැන් වැඩි කාලයකි යනවා 2011දී එම අඩවියටම පිවිසෙන්න. වෙන්න පුලුවන් දෙයක් නොවුනද මට එහෙම තමයි හැ‍ඟෙන්නේ Winking smile

යමෙක් කියන දේ කියන විදිහටම හිතන්නේ නැතුව ඒ දේ ගැන වෙනස් විදිහකට හිතල බලන්න කියල කියනගමන් මමත් ආපු හදිස්සියෙන්ම කැපෙනවා!! Open-mouthed smile

ආයෙත් හමුවෙනතුරු ඔබට ජය!

1 comment:

  1. අන්තර්ජාලෙට හරියන්න අපේ මොළත් rewire වෙලා තියෙන්නෙ. වෙබ් පිටුවක් ලෝඩ් වෙන්න තත්පර කීපයක් ගියත් පැයක් ගියා වගේ දැනෙන්නෙ. The Shallows - what the internet is doing to our brains පොතේ මේව ඔක්කොම කියල තියෙනව. :D
    හදිස්සි වෙන්න එපා, ඉක්මන් කොටයි. :D

    ReplyDelete