6.13.2011

උබුන්ටු ස්ථාපනයෙන් පසු

පහුගිය ලිපි කිහිපයක්ම ඉංග්‍රීසි භාෂාවෙන්ම ලියවුන නිසා කාලෙක ඉඳන් ලියන්න හිතන් හිටපු ලිපියක් අදම ලියල ඉවර කරන්න ඕනි කියල හිතුනා සිංහලෙන්. මම දැන් කාලෙක ඉඳල තමයි ලිනක්ස් පාවිච්චියට හුරුවුනේ. මුලින් මුලින් ටිකක් අමාරු වුනා අපිට පුරුදු සහ සමීප මෘදුකාංග නැති නිසා. නමුත් පසුකාලීනව ඒ වෙනුවට ලිනක්ස්වල භාවිතා කරන මෘදුකාංගවලට හුරු වුනාම වැඩේ හරිගියා. මම මුලින්ම ලිනක්ස් මින්ට් 7 ග්ලෝරියා තමයි පාවිච්චිකලේ. ඊට පස්සේ උබුන්‍ටු 9.10 කර්මික් කෝලා වලට මාරුවුනා. ඒක පාවිච්චිකරන ගමන් පොඩි අත්හදාබැලීමක් විදිහට උබුන්‍ටු 10.10 මෙවරික් මීර්කට් නෙට්බුක් එකත් පාවිච්චිකරල බැලුවා. කොහොමහරි දැන් උබුන්‍ටු 11.04 නට්ටි නර්ව්හල් භාවිතා කරනවා මගේ මූලික ස්ථාපනය ලෙසට.

ඉස්සර වගේ නෙමෙයි දැන් උබුන්‍ටු භාවිතය හරිම ලේසියි. කොමාන්ඩ් ලයින් එකෙන් ලොකුවෙඩ කරන්න යන්න ඕනි නැහැ. හැම එකටම GUI එකක් තියෙනවා ඒනිසා හරිම ලේසී. උබුන්‍ටු මුල් වරටම පාවිච්චි කරන්න හදන කෙනෙකුට වුනත් ලොකු අපහසුවක් එහෙම නැතුව හුරුවෙන්න පුලුවන්. මේ තියෙන්නේ Software Centre එක. ඝොඩක් මෘදුකාංග මෙතනින් හොයලම කෙලින්ම ස්ථාපනය කරගන්නම පුලුවන්.

උබුන්‍ටුවල ස්ථාපනය කරගත යුතුම මෘදුකාංග කිහිපයක් විදිහට Skype, PlayStation සහ DropBox හඳුන්වන්න පුලුවන්. මීට අමතරව Adobe Illustrator වෙනුවට Inkscape ද Adobe Photoshop වෙනුවට GIMP Editor එකද වීඩියෝ එඩිට් කරන්න Openshot Video Editor එකද VLC Player එක වගේ දේවල software center එකෙන් හරිම ලේසියෙනම ස්ථාපනය කරගන්න පුලුවන්. ඹෙන්න උබුන්‍ටු 11.04 වල screenshot කිහිපයක්.






















ආයෙත් දවසක වංගුවකදී හමුවෙමු. එතකන් ගිහින් එන්නම්. සැමට ජය!!

2 comments:

  1. බොහොම ස්තුතියි අයියේ,මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම ubuntu 11.04 දැම්මා ඒත් dongal එකට airtel දාලා අන්තර්ජාලයට යන්න බෑනේ,අනික් ඕනෑම එකකින් යන්න පුළුවන්.ඒ ඇයි කියලා කියනවද

    blog එක නියමයි ජය වේවා,foss ජනප්‍රිය කරවමු

    ReplyDelete
  2. dongal එකේ ප්‍රශ්නෙ විසදගත්තා 11.10beta අත්හදා බැලුවා ඒක හොල්ලන්න බැරි වෙන්න හිටිනවා

    මම තිලින ශාමික

    ReplyDelete