12.28.2009

අද දවස....


ආයුබෝවන්ඩ!!

මම මේ මෙලෝ හසරක් නොතේරෙන දෙයක් ගැන පුංචි ගූගල් සෙවීමක් දන්න ආපු ගමන් මේ පැත්තටත් ඩිංගිත්තක් ගොඩ වෙලා යන්න හිතුනා.. අනේ මන්දා ඇයි කියලා...

වෙලාව හවස හතරත් පහුවෙලානෙ වෙලාව යනවා දැනුනෙවත් නැහැ, අම්මෝ මම මේ උදේ පාන්දරම පුස්තකාලෙට ගොඩ වැදුනු ගමන්මයි නේද කියල හිතනකොටත් ඔලුව කැරකවිල යනවා වගේ (බය වෙන්ඩ කාරි නැහැ මම මේ පාඩම් කරන්න කියල ආවට කරන්නෙ වෙන වෙන වැඩනේ හික් හික් :-D ඒ වගේම පුස්තකාලෙට ආවේ මාස ගානකට පස්සේ මම හිතන්නේ) දවල් කැමත් යන්තම් වගේ දඩි බිඩියෙම කෑව. හ්ම්... දැන්නම් පොඩි බඩගින්නකුත් එනවා. දුවන්න ඕනි ගොඩ පැත්තට බඩට මොනාහරි දාගෙන තේ එකක්වත් බීල එන්න.

ඒත් ඊට කලින් මේ තකහනියක් ආපු එකේ පුංචිම පුංච් දෙයකුත් කියලම යන්නම්කෝ. මේක මේ මගේ ආදරණීය ප්‍රියම්බිකාව මට එවපු කෙටි පයිණ්ඩයක් ගැන. ඒකෙ සටහන් වෙලා තිබුනෙනම් මෙන්න මෙහෙමයි.

"If you want to know how much I miss you try to catch rain drops. The one you caught is how much you miss me and the other drops you missed are how much I miss you "

ඒ වදන් පෙළේ සරල අදහස මෙසේයි. (ගැඹුරු අදහස් ගැන මමනම් දන්නේ නැහැ ඕං)
"මා ඔබ නැතිව කෙතරම් පාලුවෙන් සිටිනු දැයි දැන ගැනීමට නම් වැටෙන වැසි බ්ඳු අල්ලන්නට තැත් කරන්න, නුඹ අත වන් ඒ එක් වැහි බිංඳුව නුඹ මා නැතිව සිටින පාලුවනම් අතින් ගිලිහුනු අනෙක් වැහි පොද මා නුඹ නැතිව සිටිනා පාලුව මෙන්ය."

වෙන මොනව කියන්නද? ඒක දැක්ක මටම හිතුන මම කොයි තරම් වාසනවන්තද කියලා... හැබැයි පොඩි අවුලකට තියෙන්නේ අපි ඊයෙත් මුණගැහිලත් ඔහොම කියන එක තමයි :-P
(ඊයෙ අවතාර් හෙවත් AVATAR ගේ කතාව පස්සේ කියන්නම්කෝ)

අද දවසට ඔය ඇති.... අපි යනවා එහෙනම්!

12.26.2009

ඇය, මම සහ අපේ ආදරය

















එක් වදනෙකුදු
මා මුවගින්
නොගිලිහුනද
අපරිමිත ස්නේහයෙන්
මා දෙනුවන සොයන්නේ
ඇයමය.....

කොතරම් කාලයක්
මා හද තුලම
සඟවාගෙන සිටියද
නිමේෂයකින්
මිතුදම, ආදරයකට පෙරලුනු
අයුර මටද හීනයක්මැ....

නන් වැස්සන්
කෙසේ කුමක් කීවත්
ආසිරි පැතූ සෙස්සන්ටත්
තුති....


10.29.2009

තදියම, දිවීම සහ නැවතීම

ඔන්න ඉතින් කාලෙකට පස්සේ පොඩි බ්ලොහ් සටහනක් ලියන්න හිතුනා. හැබැයි මේ අදහස/සිතුවිල්ල නම් ට්කක් පරණ එකක්... සති කිහිපයක් තිස්සේම මහේ හිතේ සක්මණ් කරපු එලියට එන්න වෙරදරපු පොපියමින් තිබුණු අදහසක්... :D අපි හැමෝටම වගේ අදාල දෙයක් කියලත් කියන්න පුලුවන්!!

ගෙවුන සති කීපයම හරිම කාර්යබහුල වුනු කාලයක්. ගොඩක් වැඩ කරපු සති කිහිපයක්. එක අදිටනකින් කණ්ඩායමේ හැමෝම වැඩ කරපු කාලයක් :) කොහොමෙන් කොහොමගහරි මට ගොඩක් වෙලාවට එහෙ මෙහෙ දුව්න්න වුනු කාලයක්. ඔය අතරෙදි මම හොඩක් දේවල් දැක්කා.

අපි ඉතින් හැමදාමත් පොදු ප්රවාහන සේවයෙන්නෙ ගමන් බිමන් යන්නෙ. බස් එකට නගින්න කියල හිතාගෙන නැවතුමට යනකොට මම දැක්කා කහඉර පෙනෙන මානයේ තියගෙන තදියම නිසා වෙන තැනකින් පාර පනින්න ගිහින් හැප්පෙන්න ගිහින 99.99න් බේරිලා තව හොද වචන රියදුරාගෙනුත් අහගෙන මූණත් තහඩුව්ත් නරක් කරගෙන ගිය ළමයෙක්ව. තදියමනේ කියලා මාත් ඔන්න ඔහේ මගේ පාඩුවේ යන්න ගියා. කොහොමහරි එදාම හවස ආපසු ගෙදර බලා එනකොට් මටත් ඔය පාරවල් දෙක තුනක් පනින්න වුනා. හැබැයි මමත් පැන්නේ කහඉරේ පලාතකින්ව්ත් නෙමෙයි ඔන්න :D
මටම පස්සේ තේරුණා මත් සෑහෙන්න දුවනවා නේද කියලා. මම ටික කාලයකට මේ විකාර දිවිල්ල නතර කරලා එකතැන නවතින්න හිතුවා සහ එක මම කලා. යාලුවොන්ගෙන් නම් හොදටම බැනුන් ඇහුවා මම කරපු දේට. එත ඕවානම් මොනාද :D මම දන්නවා සහ මට දැනෙනෙවා මගේ ඇතුලාන්තයේ වුනු වෙනස මේක නිසා.

අමුතුම හැගීමක් :) දැන් ඉතින් ආයිත් දුවන්න පටන් ගන්න කාලෙ හරි... එහෙනම් ඔන්න මාත් දුවනවා. ඔයාලත් හොදට දුවන්න.:D

ප.ලි. : මෙහි තේරැම හුදෙක් ඇති සැටියෙන්ම නොගනිත්වා

10.22.2009

කලකට පස්සේ වෙලකට් බැස්සේ..........

ඔන්න ඉතින් කාලෙකට පස්සේ යන්තම් හුස්ම ගන්න වෙලාවක් ලැබුනා කියලා කියන්න පුලුවන්. ඒත් ඉතින් වැඩිකාලයකට නම් නෙමෙයි. කොහොමෙන් කොහොමහරි කමක් නැහැ මේ ටිකේ හොදට වැඩ කරන්න ඕනේ. බ්ලොග් සටහන් කිහිපයකුත් ලියන්න හිතාගෙන ඉන්නේ.. බලමුකෝ... ඒ වගේම තවත් අලුත් බ්ලොග් තීරයකුත් පටන් ගන්න වැඩ ලැහැස්තියි. :)

ආහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා නෙවැ. මේක තමයි මම ලිනක්ස් වලින් ලියන මුල්ම බ්ලොග් සටහන... :D

මේකත් ටිකක් බලලම යන්න. http://www.nlds.lk/

පස්සේ හමුවෙනකන් ගිහින් එන්නම්!!

7.26.2009

නෙතදර 2009 ට පසුවදනක්.......

ශ්‍රී ලංතාවේ ප්‍රමුකපෙලේ තාක්ෂණික විශ්ව විද්‍යාල අතරින් මොරටුව විශ්ව විද්‍යාලයට ප්‍රධාන තැනක් හිමිවනපව අවිවාදයෙන්ම හැමෝම පිළිගන්න දෙයක්. ඒ එක්කම අපේ මනසට එන්නෙ මොනවගේ පුද්ගලයෙක්ගෙ රූපයක්ද? අනිවාර්යයෙන්ම මෙච්චර කල් තමන්ගෙ වටිනා ජීවිතයේ ව‍ටිනා කාලයෙන් වැඞි ප්‍රමානයක් උසස් අධ්‍යාපන තටයුතුවලට වැය කරන සිසුන් නේද? ඔව් ඒක ඇත්ත.... ඔ‍හොම යනකොට අපේ ක‍ට්ටියට ස්වාභාවධර්මයේ තියෙන අපූර්වත්වය සහ සුන්දරත්වය, ඒවගේම ස්වාභාවධර්මත් එක්ක තියෙන බැඳීම නැතිවෙලාම යන්න පුළුවන්. ඹන්න ඹික නිසා තමයි මොරටුව විශ්ව විද්‍යාලයයේ හරිත මිතුරන්ගේ සංගමය ඇතිවුනේ.

හරිත මිතුරන්ගේ සංගමය විසින් අඛණ්ඞව තෙවන වරටත් පවත්වන ලද නෙතදර 2009 ඦායාරූප දැක්ම සහ ඦායාරූපකරණ තරඟාවලිය 2009 ජූලි 24 සහ 25 යන දෙදින පුරා කොළඔ ජාතික කලා භවනේදී අති සාර්ථක අයුරින් පැවැත්වුනි.



මේ තියෙන්නේ අපේ පූර්ව ප්‍රචාරක වීඞියෝ පටය. මේකනම් රූපවාහිනියෙත් දකින්න ඇති ඹයාල......



මම එතැනදි ගත්ත ඦායාරූප කිහිපයක් මේ. මූණු පොතේ ඉකිරි ඦායාරූප ටික මෙතැනින් බලක්ක පුළුවන්.



මේකනම් අපේ සභා අයියට ගහපු මඞක් එහෙම නෙමෙයි ඹන්න

"පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසුවදනක් නුඹගෙන්......"

w
කිහිප දිනක විරාමයකින් පස්සෙ පොඞි යමක් ලියන්න හිතුනා.. කොහොමත් පහුගිය දවස් ටිකේනමි නිවාඞු පාඞුවක් තිබුනෙම නැහැ මොනවත්ම ලියන්න. අප විශ්ව විද්‍යාලයේ හරිත මිතුරන්ගේ සංගමය විසින් අඛණ්ඞව තෙවන වරටත් පවත්වන ලද නෙතදර 2009 ඦායාරූප දැක්ම 2009 ජූලි 24 සහ 25 යන දිනවලදී ජාතික කලා භවනෙදි පැවැත්වුනා ඒවගේම AIESEC වැඞ කිහිපයකටත් සහභාගී වෙන්න වුනු නිසා බොහොම කාර්යබහුල දින කිහිපයක් ගතකලේ.

දැන් ඔයාල බලනවා ඇති මොකක්ද මේ "පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසුවදනක් නුඹගෙන්......" මාතෘකාව කියල.... "නදී ගංගා තරණයේ.." සින්දුව අසාඇත්තන්ටනමි නදීක ජයවර්ධන අමතකවෙන්න විදිහක් නැහැ... ඔහුගේ "සිහිනයක්" නම් ඇල්බමයේ එක් ගීතයක මුල් පදපෙල තමයි මේ. මීට කලින් අහලා නැතිනම් අහලම බලන්නකෝ.. "සිහිනයක්" නම් ඇල්බමය මෙතැනින් බාගන්නත් පුලුවන්. (මේ ගැන මට කියපු බින්කු கனிஷ்க NArada ට ස්තූතියි)



පදවැල මෙසේය.........

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්//

හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්නම්...
සේරුන්වුව ගයනා ගීය‍ට විරාමයක් දේනම්
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්...

එක සෘතුවකට පසුව නව සෘතුවක් පැමිණේනමි...
ගහ කොල මල් දළුලා යායට අලුතින් සැරසේනම්
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්...

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්//

මට කුමටද තව පසුවදනක් නුඹගෙන්.......


මම දකින විදිහටනමි අනර්ඝ පද රචනයක්...
හැබැයි මේ පදවැල කාගෙද කියලනම් මම දන්නෙ නැහැ. කවුරුහරි දන්නවනම් කියන මෙන් මම ඉල්ලන‍වා. කවුරු ලියුවත් හොඳ දෙයක් අගයන්න පසුබට වෙන්න ඹීන නැහැනේ?

ඇයි මම මේ ගීතය‍ට, පදවැල සහ සංගීත යෙදුමට මේ තරම් ම කැමති?? පුද්ගලික හේතුවක් නිසානමි නෙමෙයි ඹන්න.. ලංකාවේ 80-90 දශකවලින් පස්සේ සංගිතයද අනෙක් බහුතර ක්ෂේත්‍රයන් මෙන්ම හුදෙත් වාණිජකරණය වූ ක්ෂේත්‍රයක් වෙන්න අඞිතාලම් දාපුහැටි අපි හැමෝම දන්නවනේ? කියන්න කණගාටුයි.. දැන්නම් සංගිතයත් සමිපූර්ණයෙන්ම වාණිජකරණයවෙලා ඉවරයි. සංගිතඥයෙක් ඉස්සර සංගිතය නිර්මාණය කලේ ආත්ම තෘප්තිය තකාය. එයින් ඹහුට/ඇයට ආදායමක් නොලැබුනාම නෙමෙයි. නමුත් වත්මනේ සංගිතඥයන් යැයි කියාගන්න බහුතරයගේ චින්තනය මීට පරසපර විරෝධීය. විශේෂයෙන්ම "තරුණ පරපුරේ සංගිතඥයන්ගේ" හරසුන් පදමාලා සහිත රසාස්වාදයක් නැති "ගීත" මීට නිදසුන්ය. මෙවන් වු මඞ ගොහොරුවක මඞින් ඉහල‍ට පැමිණ සුපිපුණු ‍සත්පියුම් වන්වු අතලොස්සක් සංගිතඥයන් සිටීම ලංකාවේ සංගිත ක්ෂේත්‍රයට සුභ ලකුණක් විදිහට දකින්න පුළුවන්. කසුන් කල්හාර, නදීක ජයවර්ධන මේ අතලොස්සෙන් ඉදිරියෙන් සි‍ටින දෙදෙනෙක් කියල අවිවාදයෙන් දක්වන්න පුළුවන්.

"පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසුවදනක් නුඹගෙන්......" ගීතයේ තේරුම ගැන මොහොතක් සිතා බලමු. මට හැ‍‍ඟෙන පරිද්දෙන් නම් නැවුම් ආදරයක විරාමයකදී , නැවතීමේ තිතක අභියසදී ඈ විසින් පැවසීමට සැරසෙන පසුවදන ඇසීමට ඹහුට අනවැසි බවත් ඇගෙන් පසුව ඹහුද තවත් ඇරඹුමකට සූදානමි බවත් පැවසීමකි. "පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසුවදනක් නුඹගෙන්......" ගීතයේ තේරුමට හොඳින් පෑහෙන සංගිතයක් යොදල තියෙන බව අහපු ඹබටම තේරෙන්න ඇති නේද?

නෙතදරට පසු වදනක් බලාපොරොත්තු වන්න!!

7.21.2009

ඇරඹුමට පෙරවදනක්.....


සොඳුරුම සොඳුරු ඇරඹුමකට පස්සේ ඹන්න ඉතින් මමක් මගේ බ්ලොග්කරණ‍යේ සිහිනය සැබෑ කරගන්න හිතුවා. මේක අද ඊයේ තිබුන අදහසක් නම් නෙමෙයි ඔන්න... මොරටුව විශ්ව විද්‍යාලයට ඇකුලු වුනු කාලේ වගේ ඉඳලම මේ නොහික්මුණු ආශාව ම‍ගේ හිතේ තිබුනා... ඒත් ඉතින් ඉගෙනීමේ වැඞ කටයුතු නිසා බ්ලෝග්කරණ‍යේ සිහිනය ටිකක් විතර අතපසු වුනා.... හැබැයි ඉතින් අවුරැදු දෙකක් කියන්නේ පොඞි කාලයකුත් නෙමෙයි නේ?

ඔහොම ඉන්නකොට තමයි අපිට මාස තුනක විතර පොඞි නිවාඞුවක් ලැබුනේ... ඒත් ඉතින් හරි-හමං කියලා නිවාඞුවක් නම් නැහැ. ලැබෙන පොඞි විවේකයෙදි තමයි මේ වගේ වැඞකට හරි අතගහන්නෙ. බ්ලොග් එකක් පටන් ගන්න සැරසෙද්දිම වගේ තමයි Windows Vista භාෂා අතුරු මුහුණත් ඇසුරුම (සිංහල) සහ Microsoft Office 2007 සිංහල අතුරු මුහුණත් ඇසුරුම මුල්වරට නිකුත් වුනේ. මේ අතුරු මුහුණත් දෙක යොදාගත්තට පස්සෙනම් මම හිතාගත්තා පරදේශක්කාර බසකින් බ්ලොග් එක නොකර මව්බසෙන්ම කරන්න ඕනය තියලා. ඔන්න ඕකයි කතාව.

මම බ්ලොග්කරණ‍යට ආධුනිකයෙත්. සිංහලෙන් බ්ලොග් එක පටන් ගන්න උදව් කරපු යහලුවො ගොඞාක් ඉන්නවා. නම් වශයෙන් නොකිව්වට ඒ සියලුම දෙනාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය!!

ළඟදිම ආයිත් මුණගැහෙමුකෝ.....

7.20.2009

නිදි වර්ජිත රාත්‍රිය


රාත්‍රිය....
නිසංසල රාත්‍රිය
අලුයමට රහසින් මුමුණා
එන්න කියනවද?

නින්ද නොනින්ද අතර
සිතද වතද දෙනයනද
විඩාබරව...
සොයන්නේද ...

ඝනඳුර තුනීවෙමින්
ළාහි‍රැ මඬල
හිනැහෙන්නේ..
ආගන්තුකයාගේ තත්පරය
සයනය කරා එළඹනුද?

ඇරඹුම සොඳුරුයි...