7.20.2009

නිදි වර්ජිත රාත්‍රිය


රාත්‍රිය....
නිසංසල රාත්‍රිය
අලුයමට රහසින් මුමුණා
එන්න කියනවද?

නින්ද නොනින්ද අතර
සිතද වතද දෙනයනද
විඩාබරව...
සොයන්නේද ...

ඝනඳුර තුනීවෙමින්
ළාහි‍රැ මඬල
හිනැහෙන්නේ..
ආගන්තුකයාගේ තත්පරය
සයනය කරා එළඹනුද?

ඇරඹුම සොඳුරුයි...

1 comment:

  1. නියමයි... හැබැයි මටත් ඔය ප්‍රශ්නෙම තියනවා...
    ඇරඹුමට සුභපැතුම්.

    ReplyDelete