Showing posts with label love. Show all posts
Showing posts with label love. Show all posts

9.27.2011

Journey thus far

Hello peeps.

How are you guys living? Living the dream eh? Lucky y'all I must say. Right now I'm sitting in a clinic ogling at the other people/patients who are here to take medicine. I was sick and dead sick for like 3-4 weeks so life was so not what I expected. And the most worst thing of all was that I recovered quite a few times from this but then again fell ill cox of no proper rest. So clearly a #FML situation. I hope to recover completely at least this time.

I must add the fact that this period of time was wonderful as well. In simple words I fell in love again and that's one thing which kept me strong in a tough give like this. So can't say that life wasn't unfair to me. But it was generous enough to point me in the correct path yet again and made my bad luck go away at least for a while. I took out something really heavy out of my heart and I admit it felt really nice. :-) I had time to regain myself from my past as if I was in a deep sleep and it does feel good to be back. :-)

It's time to make things my way start doing things my way.

And have to run now as my number is up!

Good day fellas :-)

9.10.2011

Android apps සමග පිළිසඳරක්

හැමෝටම Android සන්ධ්‍යාවක් වේවා.

මේ ලිපියත් දැන් දවස් ගානක් තිස්සේ හිමීට හිමීට කොට කොට හිටිය එකක්. ටිකක් වෙලාව අරන් ලියල ඉවර කරන්න ඕනි වුන ලිපියක් මේක. මම මුල් වරටනේ Android එක්ක සෙල්ලම් කරන්නේ. ඒකයි :) .ඒ නිසා ඕනිකමින්ම කල් ගත්තා. මේ ලිපියේ මූලිකම අරමුණ වෙන්නේ මුල්වරටම Android OS එකක් තියෙන ජංගම දුරකථනයක් හරි ටැබ්ලට් එකක් හරි පාවිච්චි කරන්න යන කෙනෙක්ට පොඩි heads up එකක් දෙන්න තියෙන apps සහ games ගැන.

මුලින්ම Android Market එක ගැන පොඩි අදහස් කිහිපයක් දෙන්නම්. Android Market එක කියන්නේ apps, games සහ widgets වගේ දේවල් අපිට හොයාගන්න තියෙන මූලිකම තැන. තමාගේ ගූගල් ID එකෙන් ලොග් වෙන්න පුලුවන් ජංගම දුරකථනයෙන් / ටැබ්ලට් එකෙන් හෝ ඔයාගේ පරිඝනකය හරහා. ඊට පස්සේ අවශ්‍ය කරන apps/games හොයන්න ඕනි යතුරුවදන් ඇතුලත් කරලා search කරලා බලන්න. ඔබට පූලුවන් ජංගම දුරකථනයේ 3G ජාලය හරහා අවශ්‍ය apps මේ විදිහට ස්ථාපනය කරගන්න. එසේත් නැතිනම් පරිඝනකයෙන් ස්ථාපනයට අදාල අණ ලබාදුන් විටම ජංගම දුරකථනය අන්තර්ජාලයට සම්බන්ධ වී තිබේනම් ඒ මොහොතේම බාගත වෙමින් ස්ථාපනය වෙනවා. අන්තර්ජාලයට සම්බන්ධ වී නැතිනම් ඊළඟට සම්බන්ධ වූ විටම බාගත වෙමින් ස්ථාපනය වෙනවා. මමත් මුලින් ඔය විදිහට කරල බැලුවා. දැන්නම් කරන්නේ ඕනි apps/games මේ Market එකෙන් හොයල 4shared වගේ තැනකින් බාහිරව පරිඝනකය හරහා බාගත කරලා පසුව මගේ ViewPad එකට දානවා. හික් හික්. කොහෙන්ගියත් එකම දේ නෙව වෙන්නේ :P

Android Market මෙන්න මේ වගේ තමයි දිස් වෙන්නේ පරිඝනකයක.

මම සාමන්‍යයෙන් පාවිච්චි කරන සහ සෙල්ලම් කරන apps සහ games ටිකක් මම කලින් ලිපියේ පලකලා.

"මගේ ආසම සහ නිතරම පාවිච්චි කරන apps සහ games විදිහට Facebook, Foursquare, Goodreads, HDR Camera, Last.fm, LinkedIn, Opera mini, QR Droid, RockPlayer, Skype, Sticky Notes, Task Manager, tTorrent, TweetDeck, Twitter, Vignette සහ Winamp කියන්න පුලුවන්. මේ හැම එකක්මනම් හැමදාම පාවිච්චි වෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි හැමදාම පාවිච්චිවෙන ඒවා. Fruit Slice, NFS Shift, PES 2011, Fifa 10, Angry Birds සහ Angry Birds RIO :P.........."

Facebook, Foursquare, LinkedIn සහ Twitter කියන්නේ මොනවද කියල මම අඳුන්වල දෙන එක තේරුමක් නැහැනේ :) Android සඳහා මේ Social Media ජාල වලින් වෙනම apps සපයනවා. මම මේ apps ස්ථාපනය කරන්න මූලිකම හේතුව වුනේ Androind වල තියෙන සම්බන්ධතා sync කර තබාගැනීමටයි. මේක හරිම අගනා අංගයක්. Skype app එකත් මේ විදිහට sync කරන්න පුලුවන්. අමතක කරන්න හොඳ නැහැ Android OS එකත් එක්කම එන Gmail සහ GTalk. ඒ සම්බන්ධතාද sync වෙලා තියෙනවා. දැන් Google SMS පාවිච්චි කරන්න මේක නියමෙටම ගැලපෙනවා. තව Social Media ජාලයක් විදිහට එලිදැක්වුනු Google + සඳහා ViewPad7 එකට ගැලපෙන app එකක් තිබුනේ නැහැ. කොහොමහරි අපේ තමීර සහෝදරයා මට හොයල දුන්නා app එකක්. ඒක වැඩකලා නමුත් පාවිච්චිය අඩු නිසා ස්ථපනය ඉවත් කලා. ඒ සම්බන්ධතාද sync වෙලා තියෙනවා. දැන් Google SMS පාවිච්චි කරන්න මේක නියමෙටම ගැලපෙනවා. තව Social Media ජාලයක් විදිහට එලිදැක්වුනු Google + සඳහා ViewPad7 එකට ගැලපෙන app එකක් තිබුනේ නැහැ. ඒක වැඩකලා නමුත් පාවිච්චිය අඩු නිසා ස්ථපනය ඉවත් කලා.

Goodreads කියන්නේ ඔබ කියවපු / කියවන සහ කියවීමට බලාපොරොත්තුවන පොත් ගැන අනිත් ඔබගේ යහලුවන්ට දැන ගැනීමට ඇති එක් ක්‍රමයක්. ඒ වගේම ඔබ ඒ කියවන පොත් පත් ගැන ඔබගේ පෞද්ගලික අදහස් සහ ratings දක්වන්න පුලුවන්. Winamp සහ RockPlayer තමයි මම මේ ටික කලය තුල පාවිච්චි කරපු හොඳම ප්ලේයර්ස් 2ක් කියලා නිසැකවම කියන්න පුලුවන්. හේතුව තමයි භාවිතයට තියෙන පහසුව සහ බොහෝ ෆයිල් වර්ග සඳහා භාවිතා කරන්න පුලුවන්වීම.

Android OS එකත් එක්ක එන default browser එකට අමතරව මම Opera Mobile සහ Opera Mini යන දෙකම භවිතා කරල බැලුවා. මට තෙරුන විදිහටනම් Opera Mini browser එක ගොඩක් හොඳයි. ඒකට හේතු විදිහට මෙම browser එම් ගන්නේ හරිම සීමිත ඉඩක් සහ හොඳට වැඩ කරනවා. ViewPad7 එකට Firefox4 දාගන්න මට තාම බැරිවුනා. පුලුවන් ජංගම දුරකථනවලට දාන්න හොඳම browser එක Firefox4 තමයි.

tTorrent හඳුන්වා දෙන්න පුලුවන් හොඳම torrent client විදිහට. ඒ වගේම මම ආසම කරන කැමරා apps 2ක් ගැන තමයි දැන් කියන්න යන්නේ. HDR Camera app එක HDR ඡායාරූප ගන්න මට පාවිච්චි කරන්න ලැබුනු හොඳම app එක කියල කියන්න පුලුවන්. Camera 360 කියන්නෙත් ඒ වගේ app එකක්, නමුත් මගේ ටැබ්ලට් එකේ ඒ app එක හරියට වැඩ කරන්නේ නැහැ. එමෙන්ම Vignette කියන්නේ සෑහෙන options තියෙන ලස්සන නිර්මාණශීලී ඡායාරූප ගන්න කියාපු app එක. භාවිතයටත් පහසුයි. Last.fm app එක ගැනනම් මට ලොකු අදහසක් නැහැ. මීට අමතරව තවත් අත්‍යවශ්‍ය app කිහිපයක් විදිහට Android Antivitus, Battery Solo Widget, Stickey Notes සහ Task Manager දක්වන්න පුලුවන්. Task Manager app එක හරිම වැදගත් මොකද සමහර වෙලාවට ඔබ නිවැරදිව වසා නොදමන ලද apps දිගටම ක්‍රියා කිරීම නිසා නොදැනුවත්වම බැටරිය බැස යන්න පුලුවන්. :)

දැන් මම ඔලුව දාන්න යන්නේ games පැත්තට.මම පෞද්හලිකව ආස games කිහිපයම් තමයි මේ. Angry Brids, Angry Birdrs RIO සහ Fruit Slice (සමහර විට ඔබ මේ game එක iPhone එකක සෙල්ලම් කරල ඇති.) මේ games 3ම Android Market එකෙන් වියදමකින් තොරව ලබගන්න පුලුවන්. NFS Shift, PES 2011 සහ Fifa '10 දාගත්ත විදිහ මෙහෙම එලිපිට ගෙඩි පිටින් කියන්නනම් බැහැ. ;) නිකමට වගේ "thepiratebay" එක පැත්තේ ගිහින් ඔය නම් ටික saerch කරලා බලන්නකෝ. හික්ස්. :D

ආහ්හ්හ් තව පොඩ්ඩේන් අමතක වෙනවා සිරාම app එක ගැන කියන්න. ඒක ගැන තමයි මේ කියන්න යන්නේ. QR Droid app එක වැව කරනවා කියලා 100% විශ්වාසයි මොකද මම ඒකෙන් මගේ TweetupSL 2 එකේ T-Shirt එකේ තියෙන QR Code එක කියෙවුවා. මට නම් ඉතින් ඒක මැජික් වගේ තමයි. කාටහරි රහසෙන් මොකක්හරි කියන්න මේක භාවිතා කරන්න පුලුවන්. ;)

මේ ලිපියෙන් කටහරි වැදගත් යමක් ගන්න තියෙයි කියල හිතනවා.

ආයෙත් ළඟදීම හමු වෙමුකෝ!... ගිහින් එන්නම්..

9.07.2011

මගේ Android ජීවිතය

කොහොමද හැමෝටම?

කාලෙකට පස්සේ බ්ලොග් සටහනක් ලියන්න හිතුනා ඔන්න මටත්. ලියන්න දේවල් නම් අනන්තවත් හිතේ තියෙනවා ඒ වුනාට හැම තිස්සෙම වෙන මොකක්හරි වැඩක් පිටින දාලා නොලිය ඉන්නවා. වෙන දෙයක් නෙමෙයි තියෙන කම්මැලිකමේ හැටි තමයි. :D ජීවිතයේ අනිත් හැම වැඩක්ම එක්ක වුනත් බ්ලොග් සටහන් දෙක තුනක් මාසෙකට ලියන එක ලොකුදෙයක් නම් නෙමෙයි. හැබැයි ඉතින් මං වගේ එකෙක්ටනම් ලියන්න ආසාවක් එන්නම ඕනි :D

ලියන්න දෙයක් ගැන හිතුවහම මට මුලින්ම ආපු අදහස තමයි නුහුරු නුපුරුදු Android භාවිතයට හුරුවීම ගැන ටිකක් ලියන්න. ඇත්තටම කියුවොත් මම වැඩිය Android ගැන දැනුවත්ව හිටිය කෙනෙක්නම් නෙමෙයි. ඒත් මේ හැමෝම කතාකරන නිසා ටිකක් හොයල බලල කින්ද මන්ද කියල වත-ගොත හොයාගත්තා. ඒ හෙවිල්ල ඉවර වෙනකොටම මට ඕනිවුනා Android එකකට මාරුවෙන්න. ඊට පස්සේ පටන් ගත්තා මගේ පසුම්බියට දරන්න පුලුවන් මට්ටමේ Android phones සහ tablets හොයන්න. ඔය අතරතුර තමයි මම මේ review වීඩියෝ එක දැක්කේ.


ViewSonic ViewPad 7 කියන්නේ Android ටැබ් එකක්. ටිකක් specs එහෙම හොයල බැලුවාම ගන්නම හිතුනා. ලංකාවේ මේක හොයාගන්න නැහැ. ebay එකෙන් ඇනවුමක් දැම්මා. සති 3න් ටැබ් එක අතේ.

මගේ ආසම සහ නිතරම පාවිච්චි කරන apps සහ games විදිහට Facebook, Foursquare, Goodreads, HDR Camera, Last.fm, LinkedIn, Opera mini, QR Droid, RockPlayer, Skype, Sticky Notes, Task Manager, tTorrent, TweetDeck, Twitter, Vignette සහ winamp කියන්න පුලුවන්. මේ හැම එකක්මනම් හැමදාම පාවිච්චි වෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි හැමදාම පාවිච්චිවෙන ඒවා. Fruit Slice, NFS Shift, PES 2011, Fifa 10, Angry Birds සහ Angry Birds RIO :P සමහර ඒවා දැම්මේ කොහොමද කියල අහනව නෙමෙයි ඔන්න. හික්ස් ;)

මේ එක්කම තව ලිපි කිහිපයක්ම ලියාගෙන යනවා. පුලුවන් තරම් ඉක්මනටම පෝස්ට් කරන්නම්.

එතෙක් හිගින් එන්නම්........ :)

6.19.2011

ජීවිතය සහ ජ්‍යාමිතිය

කොහොමද කට්ටිය?

මේකනම් මේ බ්ලොග් ලියන වෙලාවක් නම් නෙමෙයි. ටිකක් කලින් නිදාගන්න කියල හිතන් නින්දට හියා මදැයි මහ පාන්දර හීනයක් දැකල ඇහැරුනානේ. දැන් ඉතින් මගුල නින්ද යන්නෙත් නැහැ බයවුන පාරට :D දැන් වෙන අහවල් එකක් කරන්නද, පොඩි බ්ලොග් පෝස්ට් එකක්වත් ලියන්න හිතුනා මොකද ආයෙ කොයි කාලෙ ලියන්න වෙයිද දන්නෙ නැහැනේ මේ දැන් යන තාලෙට ගියොත්. (ඇත්තද දන්නේ නැහැ ඔය කට්ටිය කියන්නේ මේ අපි පට්ට ආතල් එකේ ගෙවල්වල ඉඳන් ගතකරන්නේ අපේ Research Term එකයි Reading week එකයි කියල) කාලෙකට පස්සේ විජේසේකරය අතෑරලා අපේ TPගේ සිංග්‍රීසිය පාවිච්චිකරන්න හිතුනා.

ජීවිතය කියන දේ හරි පුදුම දෙයක්. අපි කාටවත්ම ඒක අරෙහෙමයි මෙහෙමයි කියලා විස්තර විග්‍රහ කරන්න බැහැ. ඒ වුනාට ජ්‍යාමිතියේ එන මූලික දේවල කිහිපයක් එක්ක මම දැක්ක දේවල් කිහිපයක් මම දැන් සසඳන්න හදන්නේ. තව මොනාහරි ඔයාලටත් හිතුනොත් පහලින් එකතු කරන්න අමතක කරන්න එපා ඔන්න.


ජීවිතය හරියට ඉරක් රේඛාවක් වගේ. විටෙක සරලයි ඒ වගේම විටෙක කඩ ඉරියි. තව තැනක තිත් ඉරි වගේ. පටන් ගන්න තැනත් ඉවර වෙනන ඕනි තැනත් අපිටම තීරණය කරන්න පුලුවන් ගොඩක් වෙලාවට.
ඉපදීම මරණය සහ නැවත ඉපදීම රවුමක් වගේ.
දේහය සමමිතිකයි
දෙනෙත කිසිදා එකිනෙක හොමුනොවන සමාන්තර රේඛා යුගලක් වගේ.
නාසය කොහෙන් බැලුවත් ත්‍රිකෝණයක් විදිහටයි පේන්නේ.
තරහ මූඩ් වුනත් සතිටි මූඩ් වුනත් මුවග අඩ කවයකි/ජ්‍යායකි.
හදවත නවතිනතාක් කඩ ඉරකි නැවතුනුකල්හි සරල රේඛාවකි.
ජීවිතය පුරා කරන් කියන හැමදේටම අංශක වලින් සීමාවක්ද ඇත.
ආදරය හරියට ඉමක් කොනක් හොයාගන්න බැරි වෘත්තයක් වගේ.
තමපවුලේ සාමාජිකයන් හරියට සවිධි බහුඅස්‍රයක් පාද වගේ. එමෙන්ම පවුල සවිධි බහුඅස්‍රයක් වගෙයි.
අතිජාත මිතුරු කැල විෂම පාද බහුඅස්‍රයක් වගේ.
ඔබයි මමයි අනන්තයෙදී පමණක් හමුවන සමාන්තර රේඛා යුගලයක්මයි.

ජීවිතය කියන දේ හරි පුදුම දෙයක් :)

තමීර මචෝ මේක අගනා භාණ්ඩයක්ම තමයි. ලිනක්ස් වල විජේසේකරේ කොටල එපාවෙලා තියෙන්නේ. නරකද අපිටත් මේවගේ එකක් හදන්න බැලුවොත්. සිංග්‍රීසි ගූගල් ක්‍රෝම් ඇඩෝනයත් පට්ට.

දැන්නම පොඩි නිදිමතක් ආයෙත් එනවා. නිදාගන්න ඕනි කොහොමහරි. :D
ගිහින් එන්නම්!!! ඔබට ජය!!

5.11.2011

Love and it's pace

Hey y'all,

Let me start the post with a quite unexpected news! Even though we were supposed to stat the first day of the last semester of our university life as undergraduates seems that all the academics has been canceled. This sure ain't a good news as it could have been one year back :D

I was talking few of my friends and kept receiving some surprising news or rather updates from all of them and most of them was quite shocking and gave me goosebumps as well. And yeah most of them was about relationships and it's quite astonishing and amazing what this little four letter word can do to people. And I thought of share something of value here today.

I sneaked a peak an youtube video on one of my friends facebook wall and the title seemed really interesting rather the word intriguing so I checked it out! Guys I gotta tell you it was an priceless feeling which I really can't explain :) The title was Strangers, Again. This is the video just have a look specially if you are person who's heartbroken and failed in a relationship and reflect :) You see so many familiar things!




I personally have a heap of things to share about the factor of pace of the love. But I rather not because some people might feel offended. So I'm gonna leave ir here! :)

Cheers and hope for another post on this matter soon :D