
9.10.2011
Android apps සමග පිළිසඳරක්

9.07.2011
මගේ Android ජීවිතය
6.23.2011
තමා යන තැන නොදැන යෑම
කොහොමද කට්ටියගේ සැප-දුක එහෙම? හැමෝම හොඳින් ඉන්නවා කියල දන්නවා වුනත් එහෙම අහුවෙ නැත්නම් කට්ටියගේ හිත් නරක් වෙනවනේ හික්ස්
තමායන තැන නොදෙන ගමන් යන්නේ ටිකක් විතර නැවුම් සහ ත්‍රාසජනක අත්දැකීම් වලට කැමති ක්ෂණික තීරණත් එකක් ජීවිතේ වැඩ කරන්න ආස අපි වගේ තරුණ උදවිය තමයි. සමාවෙන්න ඕනි හැබැයි මේක ඒ දෙයට අදාල දෙයක් නම් නෙමෙයි. ඔන්න මම මුලින්ම කියුවා.
අපි බොහෝදෙනා උසස් පෙල විභාගය කරන්නේ ඇයි? ටිකක් හිතල බැලුවොත් අපි ඔය ප්‍රශ්නෙට හරිහමන් උත්තරයක් දන්නෙ නැහැ තාම. ගොඩක් කට්ටිය කියයි කැම්පස් යන්න කියල සහ තව සමහරු කියයි අද කාලේ තරඟකාරී රැකියාවක් ලබගන්න අඩුතරමෙ උසස් පෙලවත් තියෙන්න ඕනෙ නිසා කරනවා කියල. මේ හැමදේම ඇත්ත.හැබැයි අපි මේවා කරන්නේ අපි යනතැන හරියට දැනගෙනද? අන්න ඒක තමයි ප්‍රශ්නෙ.කොහොමන් කොහොමහරි පන්ති හැට හුට හමාරකට ගිහිල්ල මොන මොනාහරි කටපාඩම් කරල උසස් පෙල හොඳට ගොඩ දාගෙන යනවා කැම්පස්. ඊට පස්සෙත් එකම සෙල්ලම! මොනාහරි කරල උපාධිය අරන් එලියට එනවා. අපු ගමන් අයෙත් උඩ පැනගෙන හොයනවා රස්සාවක්. මේක තමයි අපි හැමෝම දන්න සහ දැකල තියෙන ඇත්ත තත්වය. අවුරුදු 4-5ක් කට්ට කාල කැම්පස් එකෙන් උපාධිය ගන්නේ අනික මේකේ මූලික පරමාර්ථය වෙන්නෙත් රැකියාවකට සුදුසු කමක් කරගන්නනේ. ඉතින් පහැදිලිව ඒක සාධාරණයි.
එතකොට මොකක්ද මම මෙතන ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ? "ලැබෙන ඔනෙම රැකියාවකට යාම" තමයි මම දකින එකම ප්‍රශ්නය. උදාහරණයක් එක්ක කථා කරමුකෝ ටිකක් පැහැදිලි වෙන්නත් එක්ක. මම ඉගෙන ගන්න ඉංජිනේරු පීඨයම ගමුකො ලේසි නිසා. ඉංජිනේරුවෙක් විදිහට කැම්පස් එකෙන් උපාධියකුත් එක්ක එලියට එන උපාධිදාරියෙක් බැංකුවක වැඩ කරන්න යන අවස්ථාවක් හිතල බලන්නකෝ. (මොකක්හරි කමක් නැහැ තමා ඉගෙන ගත්ත විශයන්ට පරස්පර රැකියාවක් ගැන හිතන්නකෝ) ලංකාවෙ උසස් පෙලට හොඳම ප්‍රතිඵල අරන් මොරටුවට එන ළමයෙක් අවුරුදු 4-5ක් අතර කාලයක් ඉගෙන ගන්නේ (ත්‍රිතියික නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න) මේ රටේ සාමාන්‍ය ජනතාවගේ සල්ලි වලින් නේද? එවගේම ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගනිද්දී ඒ සාමාන්‍ය ජනතාව සහ රජය නිසැකවම බලාපොරොත්තුවෙන්නේ ඒ ළමයා උපාධිය අරන් රටට සමාජයට වැඩක් කරරි කියල නේද? මම කියන්නේ රජයේ රැකියාවක් කරන්න කියලනමි නෙමෙයි ඔන්න
පෞද්ගලික අංශයේ හෝ ස්වයං රැකියාවක් හෝ ඕනිම දෙයක් කරන්න හැබැයි රටට ලෝකයට සමාජයට තමා ඉගෙන ගත් දෙයෙන් වැඩක් වෙන දෙයක් වෙන්න ඕනි මොකද 3න් වෙනි ලෝකයේ දියුණුවෙන රටක් විදිහට ඒක නිදහස් අධ්‍යාපනය අත්විඳින අපේ යුතුකමක් වෙන්න ඕනි නේද? මේක මගේ පෞද්ගලික මතය විතරයි කියල මම ආයෙ මතක් කරනවා හැමෝටම. බුද්ධි ගලනය ගැන කථාකරන අපි මේ වගේ සංවේදී දේවල් ගැන වැඩිය කථා න්කරන එක ගැන නම් වෙලාවකට ටිකක් පුදුම හිතෙනවා.
ඇයි මට මේවගේ දෙයක් ගැන මගේ අවංක අදහස් ටික ගොනු කරන්න හිතුනෙ කියලත් මට කියන්න ඕනි. මේ දවස් වල අවසාන වසරේ අපේ කට්ටිය ජොබ් හන්ටින්නේ. බොහෝ දෙනකුගෙ නිරුවත පන්නන කාලෙ තමයි මේක.
මොකක් හරි රැකියාවකින් සෑහීමකට පත්වීම මේ දවස් වල යාලුවො මුණගැහුනොත් මට අමුත්තක් නෙමෙයි. මේක ඒ ඒ පුද්ගලයට සාපේක්ෂයි.තමා යන තැන ගැන පොඩිම හරි අදහසක් තිබුනනම් මේක වෙන්නෙ නැහැ කියල මම හිතනවා සහ ඒ අදහස අඩුතරමේ කැම්පස් එකක් තෝරද්දිවත් හිතල බලන්න ඕනි. මොකද බැංකුවක වැඩ කරන්න ඕනිනම් ඉංජිනේරු පීඨයේ අවුරුදු 4ක් නාස්ති කරන්න ඕනි නැහැනේ. ඒකට අදාල තැනක සහ කැමපස් එකකට ගිහින් යස අපූරුවට ඉගෙනගෙන උපාධියක් අරගෙන යන්න පුලුවන්නේ නේද? එහෙම කලානම් ඉංජිනේරු පීඨයට ඇවිත් ඉංජිනේරුවෙක් වෙලා රටට සමාජයට වැඩක් කරන්න බලන් හිටපු ඒත් එන්න බැරිවුන තවත් කෙනක්ට අවස්ථාවක් ලැබෙනවා නේද? ටිකක් හිතල බලන්න. මේක ඒක හේතුවක් සහ අනිත් හේතුව තමයි ලංකාවේ කැම්පස් එකකට ඇතුලු වෙලා ඊටපස්සේ අවුරුද්දක් විතර ඉඳල වෙන රටකට උසස් අධ්‍යාපනයට යන එක, ඒකෙන් වෙන්නෙ අනිත් අහිංසක දුප්පත් ළමයින්ට අරවහේ පුද්ගලයන්ගේ ආත්මාර්ථකාමීත්වය නිසාස්වර්ණමය අවස්ථාවන් නැතිවෙලා යන එක නේද?
මගේ ස්ථාවරය ඕක තමයි ඉතින්. ![]()
ඔයාලටත් තව මොනාහරි කියන්න තියෙනවනම් කියන්න. අදහස් උදහස් සාදරයෙන් පිළිගන්නවා.
ජීවිතේ හරි පාර හොයාගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. ඔබට ජය!!
6.19.2011
ජීවිතය සහ ජ්‍යාමිතිය

5.30.2010
මගේ කෙරුවාව සහ ප්ලේන් ටී
මේ නිවාඩු පාඩු තිබුනු දවස් ටිකේ පොඩි වැඩක් කලා. Windows 7 දැම්මට පස්සේ මගේ ලැප් රාජයාගේ තිබුණ ලොකු සහ වැදගත් අංගෝපාංගයක් compatibility ප්‍රශ්නයක් නිසා වැඩ කලේ නැහැ. මේක මේ ඇඟිලි සලකුණු ස්කෑනරයනේ :)



ෆෝරමයක තිබිල තමයි මේ ක්‍රමය හොයාගත්තේ. මෙතැනින් බලන්න පුලුවන් සම්පූර්ණ විස්තරය. ඒවගේම සිරා පාලක පුවරුවකුත් යාවත්කාල කරගන්න ලැබුණා. බලන්නකෝ :)
දැනට ඔය ඇති! පස්සේ හෙමීට හමුවෙමුකෝ. ගිහින් ඒනකන් ආයුබොවන්! :)
10.29.2009
තදියම, දිවීම සහ නැවතීම
ගෙවුන සති කීපයම හරිම කාර්යබහුල වුනු කාලයක්. ගොඩක් වැඩ කරපු සති කිහිපයක්. එක අදිටනකින් කණ්ඩායමේ හැමෝම වැඩ කරපු කාලයක් :) කොහොමෙන් කොහොමගහරි මට ගොඩක් වෙලාවට එහෙ මෙහෙ දුව්න්න වුනු කාලයක්. ඔය අතරෙදි මම හොඩක් දේවල් දැක්කා.
අපි ඉතින් හැමදාමත් පොදු ප්රවාහන සේවයෙන්නෙ ගමන් බිමන් යන්නෙ. බස් එකට නගින්න කියල හිතාගෙන නැවතුමට යනකොට මම දැක්කා කහඉර පෙනෙන මානයේ තියගෙන තදියම නිසා වෙන තැනකින් පාර පනින්න ගිහින් හැප්පෙන්න ගිහින 99.99න් බේරිලා තව හොද වචන රියදුරාගෙනුත් අහගෙන මූණත් තහඩුව්ත් නරක් කරගෙන ගිය ළමයෙක්ව. තදියමනේ කියලා මාත් ඔන්න ඔහේ මගේ පාඩුවේ යන්න ගියා. කොහොමහරි එදාම හවස ආපසු ගෙදර බලා එනකොට් මටත් ඔය පාරවල් දෙක තුනක් පනින්න වුනා. හැබැයි මමත් පැන්නේ කහඉරේ පලාතකින්ව්ත් නෙමෙයි ඔන්න :D
මටම පස්සේ තේරුණා මත් සෑහෙන්න දුවනවා නේද කියලා. මම ටික කාලයකට මේ විකාර දිවිල්ල නතර කරලා එකතැන නවතින්න හිතුවා සහ එක මම කලා. යාලුවොන්ගෙන් නම් හොදටම බැනුන් ඇහුවා මම කරපු දේට. එත ඕවානම් මොනාද :D මම දන්නවා සහ මට දැනෙනෙවා මගේ ඇතුලාන්තයේ වුනු වෙනස මේක නිසා.
අමුතුම හැගීමක් :) දැන් ඉතින් ආයිත් දුවන්න පටන් ගන්න කාලෙ හරි... එහෙනම් ඔන්න මාත් දුවනවා. ඔයාලත් හොදට දුවන්න.:D
ප.ලි. : මෙහි තේරැම හුදෙක් ඇති සැටියෙන්ම නොගනිත්වා