Showing posts with label මම. Show all posts
Showing posts with label මම. Show all posts

9.10.2011

Android apps සමග පිළිසඳරක්

හැමෝටම Android සන්ධ්‍යාවක් වේවා.

මේ ලිපියත් දැන් දවස් ගානක් තිස්සේ හිමීට හිමීට කොට කොට හිටිය එකක්. ටිකක් වෙලාව අරන් ලියල ඉවර කරන්න ඕනි වුන ලිපියක් මේක. මම මුල් වරටනේ Android එක්ක සෙල්ලම් කරන්නේ. ඒකයි :) .ඒ නිසා ඕනිකමින්ම කල් ගත්තා. මේ ලිපියේ මූලිකම අරමුණ වෙන්නේ මුල්වරටම Android OS එකක් තියෙන ජංගම දුරකථනයක් හරි ටැබ්ලට් එකක් හරි පාවිච්චි කරන්න යන කෙනෙක්ට පොඩි heads up එකක් දෙන්න තියෙන apps සහ games ගැන.

මුලින්ම Android Market එක ගැන පොඩි අදහස් කිහිපයක් දෙන්නම්. Android Market එක කියන්නේ apps, games සහ widgets වගේ දේවල් අපිට හොයාගන්න තියෙන මූලිකම තැන. තමාගේ ගූගල් ID එකෙන් ලොග් වෙන්න පුලුවන් ජංගම දුරකථනයෙන් / ටැබ්ලට් එකෙන් හෝ ඔයාගේ පරිඝනකය හරහා. ඊට පස්සේ අවශ්‍ය කරන apps/games හොයන්න ඕනි යතුරුවදන් ඇතුලත් කරලා search කරලා බලන්න. ඔබට පූලුවන් ජංගම දුරකථනයේ 3G ජාලය හරහා අවශ්‍ය apps මේ විදිහට ස්ථාපනය කරගන්න. එසේත් නැතිනම් පරිඝනකයෙන් ස්ථාපනයට අදාල අණ ලබාදුන් විටම ජංගම දුරකථනය අන්තර්ජාලයට සම්බන්ධ වී තිබේනම් ඒ මොහොතේම බාගත වෙමින් ස්ථාපනය වෙනවා. අන්තර්ජාලයට සම්බන්ධ වී නැතිනම් ඊළඟට සම්බන්ධ වූ විටම බාගත වෙමින් ස්ථාපනය වෙනවා. මමත් මුලින් ඔය විදිහට කරල බැලුවා. දැන්නම් කරන්නේ ඕනි apps/games මේ Market එකෙන් හොයල 4shared වගේ තැනකින් බාහිරව පරිඝනකය හරහා බාගත කරලා පසුව මගේ ViewPad එකට දානවා. හික් හික්. කොහෙන්ගියත් එකම දේ නෙව වෙන්නේ :P

Android Market මෙන්න මේ වගේ තමයි දිස් වෙන්නේ පරිඝනකයක.

මම සාමන්‍යයෙන් පාවිච්චි කරන සහ සෙල්ලම් කරන apps සහ games ටිකක් මම කලින් ලිපියේ පලකලා.

"මගේ ආසම සහ නිතරම පාවිච්චි කරන apps සහ games විදිහට Facebook, Foursquare, Goodreads, HDR Camera, Last.fm, LinkedIn, Opera mini, QR Droid, RockPlayer, Skype, Sticky Notes, Task Manager, tTorrent, TweetDeck, Twitter, Vignette සහ Winamp කියන්න පුලුවන්. මේ හැම එකක්මනම් හැමදාම පාවිච්චි වෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි හැමදාම පාවිච්චිවෙන ඒවා. Fruit Slice, NFS Shift, PES 2011, Fifa 10, Angry Birds සහ Angry Birds RIO :P.........."

Facebook, Foursquare, LinkedIn සහ Twitter කියන්නේ මොනවද කියල මම අඳුන්වල දෙන එක තේරුමක් නැහැනේ :) Android සඳහා මේ Social Media ජාල වලින් වෙනම apps සපයනවා. මම මේ apps ස්ථාපනය කරන්න මූලිකම හේතුව වුනේ Androind වල තියෙන සම්බන්ධතා sync කර තබාගැනීමටයි. මේක හරිම අගනා අංගයක්. Skype app එකත් මේ විදිහට sync කරන්න පුලුවන්. අමතක කරන්න හොඳ නැහැ Android OS එකත් එක්කම එන Gmail සහ GTalk. ඒ සම්බන්ධතාද sync වෙලා තියෙනවා. දැන් Google SMS පාවිච්චි කරන්න මේක නියමෙටම ගැලපෙනවා. තව Social Media ජාලයක් විදිහට එලිදැක්වුනු Google + සඳහා ViewPad7 එකට ගැලපෙන app එකක් තිබුනේ නැහැ. කොහොමහරි අපේ තමීර සහෝදරයා මට හොයල දුන්නා app එකක්. ඒක වැඩකලා නමුත් පාවිච්චිය අඩු නිසා ස්ථපනය ඉවත් කලා. ඒ සම්බන්ධතාද sync වෙලා තියෙනවා. දැන් Google SMS පාවිච්චි කරන්න මේක නියමෙටම ගැලපෙනවා. තව Social Media ජාලයක් විදිහට එලිදැක්වුනු Google + සඳහා ViewPad7 එකට ගැලපෙන app එකක් තිබුනේ නැහැ. ඒක වැඩකලා නමුත් පාවිච්චිය අඩු නිසා ස්ථපනය ඉවත් කලා.

Goodreads කියන්නේ ඔබ කියවපු / කියවන සහ කියවීමට බලාපොරොත්තුවන පොත් ගැන අනිත් ඔබගේ යහලුවන්ට දැන ගැනීමට ඇති එක් ක්‍රමයක්. ඒ වගේම ඔබ ඒ කියවන පොත් පත් ගැන ඔබගේ පෞද්ගලික අදහස් සහ ratings දක්වන්න පුලුවන්. Winamp සහ RockPlayer තමයි මම මේ ටික කලය තුල පාවිච්චි කරපු හොඳම ප්ලේයර්ස් 2ක් කියලා නිසැකවම කියන්න පුලුවන්. හේතුව තමයි භාවිතයට තියෙන පහසුව සහ බොහෝ ෆයිල් වර්ග සඳහා භාවිතා කරන්න පුලුවන්වීම.

Android OS එකත් එක්ක එන default browser එකට අමතරව මම Opera Mobile සහ Opera Mini යන දෙකම භවිතා කරල බැලුවා. මට තෙරුන විදිහටනම් Opera Mini browser එක ගොඩක් හොඳයි. ඒකට හේතු විදිහට මෙම browser එම් ගන්නේ හරිම සීමිත ඉඩක් සහ හොඳට වැඩ කරනවා. ViewPad7 එකට Firefox4 දාගන්න මට තාම බැරිවුනා. පුලුවන් ජංගම දුරකථනවලට දාන්න හොඳම browser එක Firefox4 තමයි.

tTorrent හඳුන්වා දෙන්න පුලුවන් හොඳම torrent client විදිහට. ඒ වගේම මම ආසම කරන කැමරා apps 2ක් ගැන තමයි දැන් කියන්න යන්නේ. HDR Camera app එක HDR ඡායාරූප ගන්න මට පාවිච්චි කරන්න ලැබුනු හොඳම app එක කියල කියන්න පුලුවන්. Camera 360 කියන්නෙත් ඒ වගේ app එකක්, නමුත් මගේ ටැබ්ලට් එකේ ඒ app එක හරියට වැඩ කරන්නේ නැහැ. එමෙන්ම Vignette කියන්නේ සෑහෙන options තියෙන ලස්සන නිර්මාණශීලී ඡායාරූප ගන්න කියාපු app එක. භාවිතයටත් පහසුයි. Last.fm app එක ගැනනම් මට ලොකු අදහසක් නැහැ. මීට අමතරව තවත් අත්‍යවශ්‍ය app කිහිපයක් විදිහට Android Antivitus, Battery Solo Widget, Stickey Notes සහ Task Manager දක්වන්න පුලුවන්. Task Manager app එක හරිම වැදගත් මොකද සමහර වෙලාවට ඔබ නිවැරදිව වසා නොදමන ලද apps දිගටම ක්‍රියා කිරීම නිසා නොදැනුවත්වම බැටරිය බැස යන්න පුලුවන්. :)

දැන් මම ඔලුව දාන්න යන්නේ games පැත්තට.මම පෞද්හලිකව ආස games කිහිපයම් තමයි මේ. Angry Brids, Angry Birdrs RIO සහ Fruit Slice (සමහර විට ඔබ මේ game එක iPhone එකක සෙල්ලම් කරල ඇති.) මේ games 3ම Android Market එකෙන් වියදමකින් තොරව ලබගන්න පුලුවන්. NFS Shift, PES 2011 සහ Fifa '10 දාගත්ත විදිහ මෙහෙම එලිපිට ගෙඩි පිටින් කියන්නනම් බැහැ. ;) නිකමට වගේ "thepiratebay" එක පැත්තේ ගිහින් ඔය නම් ටික saerch කරලා බලන්නකෝ. හික්ස්. :D

ආහ්හ්හ් තව පොඩ්ඩේන් අමතක වෙනවා සිරාම app එක ගැන කියන්න. ඒක ගැන තමයි මේ කියන්න යන්නේ. QR Droid app එක වැව කරනවා කියලා 100% විශ්වාසයි මොකද මම ඒකෙන් මගේ TweetupSL 2 එකේ T-Shirt එකේ තියෙන QR Code එක කියෙවුවා. මට නම් ඉතින් ඒක මැජික් වගේ තමයි. කාටහරි රහසෙන් මොකක්හරි කියන්න මේක භාවිතා කරන්න පුලුවන්. ;)

මේ ලිපියෙන් කටහරි වැදගත් යමක් ගන්න තියෙයි කියල හිතනවා.

ආයෙත් ළඟදීම හමු වෙමුකෝ!... ගිහින් එන්නම්..

9.07.2011

මගේ Android ජීවිතය

කොහොමද හැමෝටම?

කාලෙකට පස්සේ බ්ලොග් සටහනක් ලියන්න හිතුනා ඔන්න මටත්. ලියන්න දේවල් නම් අනන්තවත් හිතේ තියෙනවා ඒ වුනාට හැම තිස්සෙම වෙන මොකක්හරි වැඩක් පිටින දාලා නොලිය ඉන්නවා. වෙන දෙයක් නෙමෙයි තියෙන කම්මැලිකමේ හැටි තමයි. :D ජීවිතයේ අනිත් හැම වැඩක්ම එක්ක වුනත් බ්ලොග් සටහන් දෙක තුනක් මාසෙකට ලියන එක ලොකුදෙයක් නම් නෙමෙයි. හැබැයි ඉතින් මං වගේ එකෙක්ටනම් ලියන්න ආසාවක් එන්නම ඕනි :D

ලියන්න දෙයක් ගැන හිතුවහම මට මුලින්ම ආපු අදහස තමයි නුහුරු නුපුරුදු Android භාවිතයට හුරුවීම ගැන ටිකක් ලියන්න. ඇත්තටම කියුවොත් මම වැඩිය Android ගැන දැනුවත්ව හිටිය කෙනෙක්නම් නෙමෙයි. ඒත් මේ හැමෝම කතාකරන නිසා ටිකක් හොයල බලල කින්ද මන්ද කියල වත-ගොත හොයාගත්තා. ඒ හෙවිල්ල ඉවර වෙනකොටම මට ඕනිවුනා Android එකකට මාරුවෙන්න. ඊට පස්සේ පටන් ගත්තා මගේ පසුම්බියට දරන්න පුලුවන් මට්ටමේ Android phones සහ tablets හොයන්න. ඔය අතරතුර තමයි මම මේ review වීඩියෝ එක දැක්කේ.


ViewSonic ViewPad 7 කියන්නේ Android ටැබ් එකක්. ටිකක් specs එහෙම හොයල බැලුවාම ගන්නම හිතුනා. ලංකාවේ මේක හොයාගන්න නැහැ. ebay එකෙන් ඇනවුමක් දැම්මා. සති 3න් ටැබ් එක අතේ.

මගේ ආසම සහ නිතරම පාවිච්චි කරන apps සහ games විදිහට Facebook, Foursquare, Goodreads, HDR Camera, Last.fm, LinkedIn, Opera mini, QR Droid, RockPlayer, Skype, Sticky Notes, Task Manager, tTorrent, TweetDeck, Twitter, Vignette සහ winamp කියන්න පුලුවන්. මේ හැම එකක්මනම් හැමදාම පාවිච්චි වෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි හැමදාම පාවිච්චිවෙන ඒවා. Fruit Slice, NFS Shift, PES 2011, Fifa 10, Angry Birds සහ Angry Birds RIO :P සමහර ඒවා දැම්මේ කොහොමද කියල අහනව නෙමෙයි ඔන්න. හික්ස් ;)

මේ එක්කම තව ලිපි කිහිපයක්ම ලියාගෙන යනවා. පුලුවන් තරම් ඉක්මනටම පෝස්ට් කරන්නම්.

එතෙක් හිගින් එන්නම්........ :)

6.23.2011

තමා යන තැන නොදැන යෑම

කොහොමද කට්ටියගේ සැප-දුක එහෙම? හැමෝම හොඳින් ඉන්නවා කියල දන්නවා වුනත් එහෙම අහුවෙ නැත්නම් කට්ටියගේ හිත් නරක් වෙනවනේ හික්ස් Open-mouthed smile තමායන තැන නොදෙන ගමන් යන්නේ ටිකක් විතර නැවුම් සහ ත්‍රාසජනක අත්දැකීම් වලට කැමති ක්ෂණික තීරණත් එකක් ජීවිතේ වැඩ කරන්න ආස අපි වගේ තරුණ උදවිය තමයි. සමාවෙන්න ඕනි හැබැයි මේක ඒ දෙයට අදාල දෙයක් නම් නෙමෙයි. ඔන්න මම මුලින්ම කියුවා.

‍අපි බොහෝදෙනා උසස් පෙල විභාගය කරන්නේ ඇයි? ටිකක් හිතල බැලුවොත් අපි ඔය ප්‍රශ්නෙට හරිහමන් උත්තරයක් දන්නෙ නැහැ තාම. ගොඩක් කට්ටිය කියයි කැම්පස් යන්න කියල සහ තව සමහරු කියයි අද කාලේ තරඟකාරී ‍රැකියාවක් ලබගන්න අඩුතරමෙ උසස් පෙලවත් තියෙන්න ඕනෙ නිසා කරනවා කියල. මේ හැමදේම ඇත්ත.හැබැයි අපි මේවා කරන්නේ අපි යනතැන හරියට දැනගෙනද? අන්න ඒක තමයි ප්‍රශ්නෙ.කොහොමන් කොහොමහරි පන්ති හැට හුට හමාරකට ගිහිල්ල මොන මොනාහරි කටපාඩම් කරල උසස් පෙල හොඳට ගොඩ දාගෙන යනවා කැම්පස්. ඊට පස්සෙත් එකම සෙල්ලම! මොනාහරි කරල උපාධිය අරන් එලියට එනවා. අපු ගමන් අයෙත් උඩ පැනගෙන හොයනවා රස්සාවක්. මේක තමයි අපි හැමෝම දන්න සහ දැකල තියෙන ඇත්ත තත්වය. අවුරුදු 4-5ක් කට්ට කාල කැම්පස් එකෙන් උපාධිය ගන්නේ අනික මේකේ මූලික පරමාර්ථය වෙන්නෙත් ‍රැකියාවකට සුදුසු කමක් කරගන්නනේ. ඉතින් පහැදිලිව ඒක සාධාරණයි.

එතකොට මොකක්ද මම මෙතන ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ? "ලැබෙන ඔනෙම ‍රැකියාවකට යාම" තමයි මම දකින එකම ප්‍රශ්නය. උදාහරණයක් එක්ක කථා කරමුකෝ ටිකක් පැහැදිලි වෙන්නත් එක්ක. මම ඉගෙන ගන්න ඉංජිනේරු පීඨයම ගමුකො ලේසි නිසා. ඉංජිනේරුවෙක් විදිහට කැම්පස් එකෙන් උපාධියකුත් එක්ක එලියට එන උපාධිදාරියෙක් බැංකුවක වැඩ කරන්න යන අවස්ථාවක් හිතල බලන්නකෝ. (මොකක්හරි කමක් නැහැ තමා ඉගෙන ගත්ත විශයන්ට පරස්පර ‍රැකියාවක් ගැන හිතන්නකෝ) ලංකාවෙ උසස් පෙලට හොඳම ප්‍රතිඵල අරන් මොර‍ටුවට එන ළමයෙක් අවුරුදු 4-5ක් අතර කාලයක් ඉගෙන ගන්නේ (ත්‍රිතියික නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න) මේ රටේ සාමාන්‍ය ජනතාවගේ සල්ලි වලින් නේද? එවගේම ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගනිද්දී ඒ සාමාන්‍ය ජනතාව සහ රජය නිසැකවම බලාපොරොත්තුවෙන්නේ ඒ ළමයා උපාධිය අරන් රටට සමාජයට වැඩක් කරරි කියල නේද? මම කියන්නේ රජයේ ‍රැකියාවක් කරන්න කියලනමි නෙමෙයි ඔන්න Smile with tongue out  පෞද්ගලික අංශයේ හෝ ස්වයං ‍රැකියාවක් හෝ ඕනිම දෙයක් කරන්න හැබැයි රටට ලෝකයට සමාජයට තමා ඉගෙන ගත් දෙයෙන් වැඩක් වෙන දෙයක් වෙන්න ඕනි මොකද 3න් වෙනි ලෝකයේ දියුණුවෙන රටක් විදිහට ඒක නිදහස් අධ්‍යාපනය අත්විඳින අපේ යුතුකමක් වෙන්න ඕනි නේද? මේක මගේ පෞද්ගලික මතය විතරයි කියල මම ආයෙ මතක් කරනවා හැමෝටම. බුද්ධි ගලනය ගැන කථාකරන අපි මේ වගේ සංවේදී දේවල් ගැන වැඩිය කථා න්කරන එක ගැන නම් වෙලාවකට ටිකක් පුදුම හිතෙනවා.

ඇයි මට මේවගේ දෙයක් ගැන මගේ අවංක අදහස් ටික ගොනු කරන්න හිතුනෙ කියලත් මට කියන්න ඕනි. මේ දවස් වල අවසාන වසරේ අපේ කට්ටිය ජොබ් හන්ටින්නේ. බොහෝ  දෙනකුගෙ නිරුවත පන්නන කාලෙ තමයි මේක. Smile මොකක් හරි ‍රැකියාවකින් සෑහීමකට පත්වීම මේ දවස් වල යාලුවො මුණගැහුනොත් මට අමුත්තක් නෙමෙයි. මේක ඒ ඒ පුද්ගලයට සාපේක්ෂයි.තමා යන තැන ගැන පොඩිම හරි අදහසක් තිබුනනම් මේක වෙන්නෙ නැහැ කියල මම හිතනවා සහ ඒ අදහස අඩුතරමේ කැම්පස් එකක් ‍තෝරද්දිවත් හිතල බලන්න ඕනි. මොකද බැංකුවක වැඩ කරන්න ඕනිනම් ඉංජිනේරු පීඨයේ අවුරුදු 4ක් නාස්ති කරන්න ඕනි නැහැනේ. ඒකට අදාල තැනක සහ කැමපස් එකකට ගිහින් යස අපූරුවට ඉගෙනගෙන උපාධියක් අරගෙන යන්න පුලුවන්නේ නේද? එහෙම කලානම් ඉංජිනේරු පීඨයට ඇවිත් ඉංජිනේරුවෙක් වෙලා රටට සමාජයට වැඩක් කරන්න බලන් හිටපු ඒත් එන්න බැරිවුන තවත් කෙනක්ට අවස්ථාවක් ලැබෙනවා නේද? ටිකක් හිතල බලන්න. මේක ඒක හේතුවක් සහ අනිත් හේතුව තමයි ලංකාවේ කැම්පස් එකකට ඇතුලු වෙලා ඊටපස්සේ අවුරුද්දක් විතර ඉඳල වෙන රටකට උසස් අධ්‍යාපනයට යන එක, ඒකෙන් වෙන්නෙ අනිත් අහිංසක දුප්පත් ළමයින්ට අරවහේ පුද්ගලයන්ගේ ආත්මාර්ථකාමීත්වය නිසාස්වර්ණමය අවස්ථාවන් නැතිවෙලා යන එක නේද?

මගේ ස්ථාවරය ඕක තමයි ඉතින්. Smile

ඔයාලටත් තව මොනාහරි කියන්න තියෙනවනම් කියන්න. අදහස් උදහස් සාදරයෙන් පිළිගන්නවා.

ජීවිතේ හරි පාර හොයාගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. ඔබට ජය!!

6.19.2011

ජීවිතය සහ ජ්‍යාමිතිය

කොහොමද කට්ටිය?

මේකනම් මේ බ්ලොග් ලියන වෙලාවක් නම් නෙමෙයි. ටිකක් කලින් නිදාගන්න කියල හිතන් නින්දට හියා මදැයි මහ පාන්දර හීනයක් දැකල ඇහැරුනානේ. දැන් ඉතින් මගුල නින්ද යන්නෙත් නැහැ බයවුන පාරට :D දැන් වෙන අහවල් එකක් කරන්නද, පොඩි බ්ලොග් පෝස්ට් එකක්වත් ලියන්න හිතුනා මොකද ආයෙ කොයි කාලෙ ලියන්න වෙයිද දන්නෙ නැහැනේ මේ දැන් යන තාලෙට ගියොත්. (ඇත්තද දන්නේ නැහැ ඔය කට්ටිය කියන්නේ මේ අපි පට්ට ආතල් එකේ ගෙවල්වල ඉඳන් ගතකරන්නේ අපේ Research Term එකයි Reading week එකයි කියල) කාලෙකට පස්සේ විජේසේකරය අතෑරලා අපේ TPගේ සිංග්‍රීසිය පාවිච්චිකරන්න හිතුනා.

ජීවිතය කියන දේ හරි පුදුම දෙයක්. අපි කාටවත්ම ඒක අරෙහෙමයි මෙහෙමයි කියලා විස්තර විග්‍රහ කරන්න බැහැ. ඒ වුනාට ජ්‍යාමිතියේ එන මූලික දේවල කිහිපයක් එක්ක මම දැක්ක දේවල් කිහිපයක් මම දැන් සසඳන්න හදන්නේ. තව මොනාහරි ඔයාලටත් හිතුනොත් පහලින් එකතු කරන්න අමතක කරන්න එපා ඔන්න.


ජීවිතය හරියට ඉරක් රේඛාවක් වගේ. විටෙක සරලයි ඒ වගේම විටෙක කඩ ඉරියි. තව තැනක තිත් ඉරි වගේ. පටන් ගන්න තැනත් ඉවර වෙනන ඕනි තැනත් අපිටම තීරණය කරන්න පුලුවන් ගොඩක් වෙලාවට.
ඉපදීම මරණය සහ නැවත ඉපදීම රවුමක් වගේ.
දේහය සමමිතිකයි
දෙනෙත කිසිදා එකිනෙක හොමුනොවන සමාන්තර රේඛා යුගලක් වගේ.
නාසය කොහෙන් බැලුවත් ත්‍රිකෝණයක් විදිහටයි පේන්නේ.
තරහ මූඩ් වුනත් සතිටි මූඩ් වුනත් මුවග අඩ කවයකි/ජ්‍යායකි.
හදවත නවතිනතාක් කඩ ඉරකි නැවතුනුකල්හි සරල රේඛාවකි.
ජීවිතය පුරා කරන් කියන හැමදේටම අංශක වලින් සීමාවක්ද ඇත.
ආදරය හරියට ඉමක් කොනක් හොයාගන්න බැරි වෘත්තයක් වගේ.
තමපවුලේ සාමාජිකයන් හරියට සවිධි බහුඅස්‍රයක් පාද වගේ. එමෙන්ම පවුල සවිධි බහුඅස්‍රයක් වගෙයි.
අතිජාත මිතුරු කැල විෂම පාද බහුඅස්‍රයක් වගේ.
ඔබයි මමයි අනන්තයෙදී පමණක් හමුවන සමාන්තර රේඛා යුගලයක්මයි.

ජීවිතය කියන දේ හරි පුදුම දෙයක් :)

තමීර මචෝ මේක අගනා භාණ්ඩයක්ම තමයි. ලිනක්ස් වල විජේසේකරේ කොටල එපාවෙලා තියෙන්නේ. නරකද අපිටත් මේවගේ එකක් හදන්න බැලුවොත්. සිංග්‍රීසි ගූගල් ක්‍රෝම් ඇඩෝනයත් පට්ට.

දැන්නම පොඩි නිදිමතක් ආයෙත් එනවා. නිදාගන්න ඕනි කොහොමහරි. :D
ගිහින් එන්නම්!!! ඔබට ජය!!

6.13.2011

උබුන්ටු ස්ථාපනයෙන් පසු

පහුගිය ලිපි කිහිපයක්ම ඉංග්‍රීසි භාෂාවෙන්ම ලියවුන නිසා කාලෙක ඉඳන් ලියන්න හිතන් හිටපු ලිපියක් අදම ලියල ඉවර කරන්න ඕනි කියල හිතුනා සිංහලෙන්. මම දැන් කාලෙක ඉඳල තමයි ලිනක්ස් පාවිච්චියට හුරුවුනේ. මුලින් මුලින් ටිකක් අමාරු වුනා අපිට පුරුදු සහ සමීප මෘදුකාංග නැති නිසා. නමුත් පසුකාලීනව ඒ වෙනුවට ලිනක්ස්වල භාවිතා කරන මෘදුකාංගවලට හුරු වුනාම වැඩේ හරිගියා. මම මුලින්ම ලිනක්ස් මින්ට් 7 ග්ලෝරියා තමයි පාවිච්චිකලේ. ඊට පස්සේ උබුන්‍ටු 9.10 කර්මික් කෝලා වලට මාරුවුනා. ඒක පාවිච්චිකරන ගමන් පොඩි අත්හදාබැලීමක් විදිහට උබුන්‍ටු 10.10 මෙවරික් මීර්කට් නෙට්බුක් එකත් පාවිච්චිකරල බැලුවා. කොහොමහරි දැන් උබුන්‍ටු 11.04 නට්ටි නර්ව්හල් භාවිතා කරනවා මගේ මූලික ස්ථාපනය ලෙසට.

ඉස්සර වගේ නෙමෙයි දැන් උබුන්‍ටු භාවිතය හරිම ලේසියි. කොමාන්ඩ් ලයින් එකෙන් ලොකුවෙඩ කරන්න යන්න ඕනි නැහැ. හැම එකටම GUI එකක් තියෙනවා ඒනිසා හරිම ලේසී. උබුන්‍ටු මුල් වරටම පාවිච්චි කරන්න හදන කෙනෙකුට වුනත් ලොකු අපහසුවක් එහෙම නැතුව හුරුවෙන්න පුලුවන්. මේ තියෙන්නේ Software Centre එක. ඝොඩක් මෘදුකාංග මෙතනින් හොයලම කෙලින්ම ස්ථාපනය කරගන්නම පුලුවන්.

උබුන්‍ටුවල ස්ථාපනය කරගත යුතුම මෘදුකාංග කිහිපයක් විදිහට Skype, PlayStation සහ DropBox හඳුන්වන්න පුලුවන්. මීට අමතරව Adobe Illustrator වෙනුවට Inkscape ද Adobe Photoshop වෙනුවට GIMP Editor එකද වීඩියෝ එඩිට් කරන්න Openshot Video Editor එකද VLC Player එක වගේ දේවල software center එකෙන් හරිම ලේසියෙනම ස්ථාපනය කරගන්න පුලුවන්. ඹෙන්න උබුන්‍ටු 11.04 වල screenshot කිහිපයක්.






















ආයෙත් දවසක වංගුවකදී හමුවෙමු. එතකන් ගිහින් එන්නම්. සැමට ජය!!

5.30.2010

මගේ කෙරුවාව සහ ප්ලේන් ටී

හොඳටම නිදිමතයි. ඇස් දෙකෙන් නිදිමත බේරෙනවා! වැඩනම් ඉවරයි. ඒත් මේ බ්ලොග් එක ලියන්නමයි මේ තකහනියක්ම ඇහැරල ඉන්නේ. ප්ලේන් ටී එකකින් තමයි මේ බැටරි ටිකක් චාර්ජ් කරගෙන ඉන්නේ මොකද කලෙකට පස්සේ තමයි මේ මෙච්චර ‍රැ වෙනකන් ඇහැරල ඉන්නේ.

මේ නිවාඩු පාඩු තිබුනු දවස් ටිකේ පොඩි වැඩක් කලා. Windows 7 දැම්මට පස්සේ මගේ ලැප් රාජයාගේ තිබුණ ලොකු සහ වැදගත් අංගෝපාංගයක් compatibility ප්‍රශ්නයක් නිසා වැඩ කලේ නැහැ. මේක මේ ඇඟිලි සලකුණු ස්කෑනරයනේ :)





ෆෝරමයක තිබිල තමයි මේ ක්‍රමය හොයාගත්තේ. මෙතැනින් බලන්න පුලුවන් සම්පූර්ණ විස්තරය. ඒවගේම සිරා පාලක පුවරුවකුත් යාවත්කාල කරගන්න ලැබුණා. බලන්නකෝ :)

දැනට ඔය ඇති! පස්සේ හෙමීට හමුවෙමුකෝ. ගිහින් ඒනකන් ආයුබොවන්! :)





7.21.2009

ඇරඹුමට පෙරවදනක්.....


සොඳුරුම සොඳුරු ඇරඹුමකට පස්සේ ඹන්න ඉතින් මමක් මගේ බ්ලොග්කරණ‍යේ සිහිනය සැබෑ කරගන්න හිතුවා. මේක අද ඊයේ තිබුන අදහසක් නම් නෙමෙයි ඔන්න... මොරටුව විශ්ව විද්‍යාලයට ඇකුලු වුනු කාලේ වගේ ඉඳලම මේ නොහික්මුණු ආශාව ම‍ගේ හිතේ තිබුනා... ඒත් ඉතින් ඉගෙනීමේ වැඞ කටයුතු නිසා බ්ලෝග්කරණ‍යේ සිහිනය ටිකක් විතර අතපසු වුනා.... හැබැයි ඉතින් අවුරැදු දෙකක් කියන්නේ පොඞි කාලයකුත් නෙමෙයි නේ?

ඔහොම ඉන්නකොට තමයි අපිට මාස තුනක විතර පොඞි නිවාඞුවක් ලැබුනේ... ඒත් ඉතින් හරි-හමං කියලා නිවාඞුවක් නම් නැහැ. ලැබෙන පොඞි විවේකයෙදි තමයි මේ වගේ වැඞකට හරි අතගහන්නෙ. බ්ලොග් එකක් පටන් ගන්න සැරසෙද්දිම වගේ තමයි Windows Vista භාෂා අතුරු මුහුණත් ඇසුරුම (සිංහල) සහ Microsoft Office 2007 සිංහල අතුරු මුහුණත් ඇසුරුම මුල්වරට නිකුත් වුනේ. මේ අතුරු මුහුණත් දෙක යොදාගත්තට පස්සෙනම් මම හිතාගත්තා පරදේශක්කාර බසකින් බ්ලොග් එක නොකර මව්බසෙන්ම කරන්න ඕනය තියලා. ඔන්න ඕකයි කතාව.

මම බ්ලොග්කරණ‍යට ආධුනිකයෙත්. සිංහලෙන් බ්ලොග් එක පටන් ගන්න උදව් කරපු යහලුවො ගොඞාක් ඉන්නවා. නම් වශයෙන් නොකිව්වට ඒ සියලුම දෙනාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය!!

ළඟදිම ආයිත් මුණගැහෙමුකෝ.....