Showing posts with label ඇරඹුම. Show all posts
Showing posts with label ඇරඹුම. Show all posts

9.07.2011

මගේ Android ජීවිතය

කොහොමද හැමෝටම?

කාලෙකට පස්සේ බ්ලොග් සටහනක් ලියන්න හිතුනා ඔන්න මටත්. ලියන්න දේවල් නම් අනන්තවත් හිතේ තියෙනවා ඒ වුනාට හැම තිස්සෙම වෙන මොකක්හරි වැඩක් පිටින දාලා නොලිය ඉන්නවා. වෙන දෙයක් නෙමෙයි තියෙන කම්මැලිකමේ හැටි තමයි. :D ජීවිතයේ අනිත් හැම වැඩක්ම එක්ක වුනත් බ්ලොග් සටහන් දෙක තුනක් මාසෙකට ලියන එක ලොකුදෙයක් නම් නෙමෙයි. හැබැයි ඉතින් මං වගේ එකෙක්ටනම් ලියන්න ආසාවක් එන්නම ඕනි :D

ලියන්න දෙයක් ගැන හිතුවහම මට මුලින්ම ආපු අදහස තමයි නුහුරු නුපුරුදු Android භාවිතයට හුරුවීම ගැන ටිකක් ලියන්න. ඇත්තටම කියුවොත් මම වැඩිය Android ගැන දැනුවත්ව හිටිය කෙනෙක්නම් නෙමෙයි. ඒත් මේ හැමෝම කතාකරන නිසා ටිකක් හොයල බලල කින්ද මන්ද කියල වත-ගොත හොයාගත්තා. ඒ හෙවිල්ල ඉවර වෙනකොටම මට ඕනිවුනා Android එකකට මාරුවෙන්න. ඊට පස්සේ පටන් ගත්තා මගේ පසුම්බියට දරන්න පුලුවන් මට්ටමේ Android phones සහ tablets හොයන්න. ඔය අතරතුර තමයි මම මේ review වීඩියෝ එක දැක්කේ.


ViewSonic ViewPad 7 කියන්නේ Android ටැබ් එකක්. ටිකක් specs එහෙම හොයල බැලුවාම ගන්නම හිතුනා. ලංකාවේ මේක හොයාගන්න නැහැ. ebay එකෙන් ඇනවුමක් දැම්මා. සති 3න් ටැබ් එක අතේ.

මගේ ආසම සහ නිතරම පාවිච්චි කරන apps සහ games විදිහට Facebook, Foursquare, Goodreads, HDR Camera, Last.fm, LinkedIn, Opera mini, QR Droid, RockPlayer, Skype, Sticky Notes, Task Manager, tTorrent, TweetDeck, Twitter, Vignette සහ winamp කියන්න පුලුවන්. මේ හැම එකක්මනම් හැමදාම පාවිච්චි වෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි හැමදාම පාවිච්චිවෙන ඒවා. Fruit Slice, NFS Shift, PES 2011, Fifa 10, Angry Birds සහ Angry Birds RIO :P සමහර ඒවා දැම්මේ කොහොමද කියල අහනව නෙමෙයි ඔන්න. හික්ස් ;)

මේ එක්කම තව ලිපි කිහිපයක්ම ලියාගෙන යනවා. පුලුවන් තරම් ඉක්මනටම පෝස්ට් කරන්නම්.

එතෙක් හිගින් එන්නම්........ :)

6.23.2011

තමා යන තැන නොදැන යෑම

කොහොමද කට්ටියගේ සැප-දුක එහෙම? හැමෝම හොඳින් ඉන්නවා කියල දන්නවා වුනත් එහෙම අහුවෙ නැත්නම් කට්ටියගේ හිත් නරක් වෙනවනේ හික්ස් Open-mouthed smile තමායන තැන නොදෙන ගමන් යන්නේ ටිකක් විතර නැවුම් සහ ත්‍රාසජනක අත්දැකීම් වලට කැමති ක්ෂණික තීරණත් එකක් ජීවිතේ වැඩ කරන්න ආස අපි වගේ තරුණ උදවිය තමයි. සමාවෙන්න ඕනි හැබැයි මේක ඒ දෙයට අදාල දෙයක් නම් නෙමෙයි. ඔන්න මම මුලින්ම කියුවා.

‍අපි බොහෝදෙනා උසස් පෙල විභාගය කරන්නේ ඇයි? ටිකක් හිතල බැලුවොත් අපි ඔය ප්‍රශ්නෙට හරිහමන් උත්තරයක් දන්නෙ නැහැ තාම. ගොඩක් කට්ටිය කියයි කැම්පස් යන්න කියල සහ තව සමහරු කියයි අද කාලේ තරඟකාරී ‍රැකියාවක් ලබගන්න අඩුතරමෙ උසස් පෙලවත් තියෙන්න ඕනෙ නිසා කරනවා කියල. මේ හැමදේම ඇත්ත.හැබැයි අපි මේවා කරන්නේ අපි යනතැන හරියට දැනගෙනද? අන්න ඒක තමයි ප්‍රශ්නෙ.කොහොමන් කොහොමහරි පන්ති හැට හුට හමාරකට ගිහිල්ල මොන මොනාහරි කටපාඩම් කරල උසස් පෙල හොඳට ගොඩ දාගෙන යනවා කැම්පස්. ඊට පස්සෙත් එකම සෙල්ලම! මොනාහරි කරල උපාධිය අරන් එලියට එනවා. අපු ගමන් අයෙත් උඩ පැනගෙන හොයනවා රස්සාවක්. මේක තමයි අපි හැමෝම දන්න සහ දැකල තියෙන ඇත්ත තත්වය. අවුරුදු 4-5ක් කට්ට කාල කැම්පස් එකෙන් උපාධිය ගන්නේ අනික මේකේ මූලික පරමාර්ථය වෙන්නෙත් ‍රැකියාවකට සුදුසු කමක් කරගන්නනේ. ඉතින් පහැදිලිව ඒක සාධාරණයි.

එතකොට මොකක්ද මම මෙතන ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ? "ලැබෙන ඔනෙම ‍රැකියාවකට යාම" තමයි මම දකින එකම ප්‍රශ්නය. උදාහරණයක් එක්ක කථා කරමුකෝ ටිකක් පැහැදිලි වෙන්නත් එක්ක. මම ඉගෙන ගන්න ඉංජිනේරු පීඨයම ගමුකො ලේසි නිසා. ඉංජිනේරුවෙක් විදිහට කැම්පස් එකෙන් උපාධියකුත් එක්ක එලියට එන උපාධිදාරියෙක් බැංකුවක වැඩ කරන්න යන අවස්ථාවක් හිතල බලන්නකෝ. (මොකක්හරි කමක් නැහැ තමා ඉගෙන ගත්ත විශයන්ට පරස්පර ‍රැකියාවක් ගැන හිතන්නකෝ) ලංකාවෙ උසස් පෙලට හොඳම ප්‍රතිඵල අරන් මොර‍ටුවට එන ළමයෙක් අවුරුදු 4-5ක් අතර කාලයක් ඉගෙන ගන්නේ (ත්‍රිතියික නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න) මේ රටේ සාමාන්‍ය ජනතාවගේ සල්ලි වලින් නේද? එවගේම ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගනිද්දී ඒ සාමාන්‍ය ජනතාව සහ රජය නිසැකවම බලාපොරොත්තුවෙන්නේ ඒ ළමයා උපාධිය අරන් රටට සමාජයට වැඩක් කරරි කියල නේද? මම කියන්නේ රජයේ ‍රැකියාවක් කරන්න කියලනමි නෙමෙයි ඔන්න Smile with tongue out  පෞද්ගලික අංශයේ හෝ ස්වයං ‍රැකියාවක් හෝ ඕනිම දෙයක් කරන්න හැබැයි රටට ලෝකයට සමාජයට තමා ඉගෙන ගත් දෙයෙන් වැඩක් වෙන දෙයක් වෙන්න ඕනි මොකද 3න් වෙනි ලෝකයේ දියුණුවෙන රටක් විදිහට ඒක නිදහස් අධ්‍යාපනය අත්විඳින අපේ යුතුකමක් වෙන්න ඕනි නේද? මේක මගේ පෞද්ගලික මතය විතරයි කියල මම ආයෙ මතක් කරනවා හැමෝටම. බුද්ධි ගලනය ගැන කථාකරන අපි මේ වගේ සංවේදී දේවල් ගැන වැඩිය කථා න්කරන එක ගැන නම් වෙලාවකට ටිකක් පුදුම හිතෙනවා.

ඇයි මට මේවගේ දෙයක් ගැන මගේ අවංක අදහස් ටික ගොනු කරන්න හිතුනෙ කියලත් මට කියන්න ඕනි. මේ දවස් වල අවසාන වසරේ අපේ කට්ටිය ජොබ් හන්ටින්නේ. බොහෝ  දෙනකුගෙ නිරුවත පන්නන කාලෙ තමයි මේක. Smile මොකක් හරි ‍රැකියාවකින් සෑහීමකට පත්වීම මේ දවස් වල යාලුවො මුණගැහුනොත් මට අමුත්තක් නෙමෙයි. මේක ඒ ඒ පුද්ගලයට සාපේක්ෂයි.තමා යන තැන ගැන පොඩිම හරි අදහසක් තිබුනනම් මේක වෙන්නෙ නැහැ කියල මම හිතනවා සහ ඒ අදහස අඩුතරමේ කැම්පස් එකක් ‍තෝරද්දිවත් හිතල බලන්න ඕනි. මොකද බැංකුවක වැඩ කරන්න ඕනිනම් ඉංජිනේරු පීඨයේ අවුරුදු 4ක් නාස්ති කරන්න ඕනි නැහැනේ. ඒකට අදාල තැනක සහ කැමපස් එකකට ගිහින් යස අපූරුවට ඉගෙනගෙන උපාධියක් අරගෙන යන්න පුලුවන්නේ නේද? එහෙම කලානම් ඉංජිනේරු පීඨයට ඇවිත් ඉංජිනේරුවෙක් වෙලා රටට සමාජයට වැඩක් කරන්න බලන් හිටපු ඒත් එන්න බැරිවුන තවත් කෙනක්ට අවස්ථාවක් ලැබෙනවා නේද? ටිකක් හිතල බලන්න. මේක ඒක හේතුවක් සහ අනිත් හේතුව තමයි ලංකාවේ කැම්පස් එකකට ඇතුලු වෙලා ඊටපස්සේ අවුරුද්දක් විතර ඉඳල වෙන රටකට උසස් අධ්‍යාපනයට යන එක, ඒකෙන් වෙන්නෙ අනිත් අහිංසක දුප්පත් ළමයින්ට අරවහේ පුද්ගලයන්ගේ ආත්මාර්ථකාමීත්වය නිසාස්වර්ණමය අවස්ථාවන් නැතිවෙලා යන එක නේද?

මගේ ස්ථාවරය ඕක තමයි ඉතින්. Smile

ඔයාලටත් තව මොනාහරි කියන්න තියෙනවනම් කියන්න. අදහස් උදහස් සාදරයෙන් පිළිගන්නවා.

ජීවිතේ හරි පාර හොයාගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. ඔබට ජය!!

7.21.2009

ඇරඹුමට පෙරවදනක්.....


සොඳුරුම සොඳුරු ඇරඹුමකට පස්සේ ඹන්න ඉතින් මමක් මගේ බ්ලොග්කරණ‍යේ සිහිනය සැබෑ කරගන්න හිතුවා. මේක අද ඊයේ තිබුන අදහසක් නම් නෙමෙයි ඔන්න... මොරටුව විශ්ව විද්‍යාලයට ඇකුලු වුනු කාලේ වගේ ඉඳලම මේ නොහික්මුණු ආශාව ම‍ගේ හිතේ තිබුනා... ඒත් ඉතින් ඉගෙනීමේ වැඞ කටයුතු නිසා බ්ලෝග්කරණ‍යේ සිහිනය ටිකක් විතර අතපසු වුනා.... හැබැයි ඉතින් අවුරැදු දෙකක් කියන්නේ පොඞි කාලයකුත් නෙමෙයි නේ?

ඔහොම ඉන්නකොට තමයි අපිට මාස තුනක විතර පොඞි නිවාඞුවක් ලැබුනේ... ඒත් ඉතින් හරි-හමං කියලා නිවාඞුවක් නම් නැහැ. ලැබෙන පොඞි විවේකයෙදි තමයි මේ වගේ වැඞකට හරි අතගහන්නෙ. බ්ලොග් එකක් පටන් ගන්න සැරසෙද්දිම වගේ තමයි Windows Vista භාෂා අතුරු මුහුණත් ඇසුරුම (සිංහල) සහ Microsoft Office 2007 සිංහල අතුරු මුහුණත් ඇසුරුම මුල්වරට නිකුත් වුනේ. මේ අතුරු මුහුණත් දෙක යොදාගත්තට පස්සෙනම් මම හිතාගත්තා පරදේශක්කාර බසකින් බ්ලොග් එක නොකර මව්බසෙන්ම කරන්න ඕනය තියලා. ඔන්න ඕකයි කතාව.

මම බ්ලොග්කරණ‍යට ආධුනිකයෙත්. සිංහලෙන් බ්ලොග් එක පටන් ගන්න උදව් කරපු යහලුවො ගොඞාක් ඉන්නවා. නම් වශයෙන් නොකිව්වට ඒ සියලුම දෙනාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය!!

ළඟදිම ආයිත් මුණගැහෙමුකෝ.....

7.20.2009

නිදි වර්ජිත රාත්‍රිය


රාත්‍රිය....
නිසංසල රාත්‍රිය
අලුයමට රහසින් මුමුණා
එන්න කියනවද?

නින්ද නොනින්ද අතර
සිතද වතද දෙනයනද
විඩාබරව...
සොයන්නේද ...

ඝනඳුර තුනීවෙමින්
ළාහි‍රැ මඬල
හිනැහෙන්නේ..
ආගන්තුකයාගේ තත්පරය
සයනය කරා එළඹනුද?

ඇරඹුම සොඳුරුයි...