Showing posts with label පෙරවදන. Show all posts
Showing posts with label පෙරවදන. Show all posts

6.23.2011

තමා යන තැන නොදැන යෑම

කොහොමද කට්ටියගේ සැප-දුක එහෙම? හැමෝම හොඳින් ඉන්නවා කියල දන්නවා වුනත් එහෙම අහුවෙ නැත්නම් කට්ටියගේ හිත් නරක් වෙනවනේ හික්ස් Open-mouthed smile තමායන තැන නොදෙන ගමන් යන්නේ ටිකක් විතර නැවුම් සහ ත්‍රාසජනක අත්දැකීම් වලට කැමති ක්ෂණික තීරණත් එකක් ජීවිතේ වැඩ කරන්න ආස අපි වගේ තරුණ උදවිය තමයි. සමාවෙන්න ඕනි හැබැයි මේක ඒ දෙයට අදාල දෙයක් නම් නෙමෙයි. ඔන්න මම මුලින්ම කියුවා.

‍අපි බොහෝදෙනා උසස් පෙල විභාගය කරන්නේ ඇයි? ටිකක් හිතල බැලුවොත් අපි ඔය ප්‍රශ්නෙට හරිහමන් උත්තරයක් දන්නෙ නැහැ තාම. ගොඩක් කට්ටිය කියයි කැම්පස් යන්න කියල සහ තව සමහරු කියයි අද කාලේ තරඟකාරී ‍රැකියාවක් ලබගන්න අඩුතරමෙ උසස් පෙලවත් තියෙන්න ඕනෙ නිසා කරනවා කියල. මේ හැමදේම ඇත්ත.හැබැයි අපි මේවා කරන්නේ අපි යනතැන හරියට දැනගෙනද? අන්න ඒක තමයි ප්‍රශ්නෙ.කොහොමන් කොහොමහරි පන්ති හැට හුට හමාරකට ගිහිල්ල මොන මොනාහරි කටපාඩම් කරල උසස් පෙල හොඳට ගොඩ දාගෙන යනවා කැම්පස්. ඊට පස්සෙත් එකම සෙල්ලම! මොනාහරි කරල උපාධිය අරන් එලියට එනවා. අපු ගමන් අයෙත් උඩ පැනගෙන හොයනවා රස්සාවක්. මේක තමයි අපි හැමෝම දන්න සහ දැකල තියෙන ඇත්ත තත්වය. අවුරුදු 4-5ක් කට්ට කාල කැම්පස් එකෙන් උපාධිය ගන්නේ අනික මේකේ මූලික පරමාර්ථය වෙන්නෙත් ‍රැකියාවකට සුදුසු කමක් කරගන්නනේ. ඉතින් පහැදිලිව ඒක සාධාරණයි.

එතකොට මොකක්ද මම මෙතන ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ? "ලැබෙන ඔනෙම ‍රැකියාවකට යාම" තමයි මම දකින එකම ප්‍රශ්නය. උදාහරණයක් එක්ක කථා කරමුකෝ ටිකක් පැහැදිලි වෙන්නත් එක්ක. මම ඉගෙන ගන්න ඉංජිනේරු පීඨයම ගමුකො ලේසි නිසා. ඉංජිනේරුවෙක් විදිහට කැම්පස් එකෙන් උපාධියකුත් එක්ක එලියට එන උපාධිදාරියෙක් බැංකුවක වැඩ කරන්න යන අවස්ථාවක් හිතල බලන්නකෝ. (මොකක්හරි කමක් නැහැ තමා ඉගෙන ගත්ත විශයන්ට පරස්පර ‍රැකියාවක් ගැන හිතන්නකෝ) ලංකාවෙ උසස් පෙලට හොඳම ප්‍රතිඵල අරන් මොර‍ටුවට එන ළමයෙක් අවුරුදු 4-5ක් අතර කාලයක් ඉගෙන ගන්නේ (ත්‍රිතියික නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න) මේ රටේ සාමාන්‍ය ජනතාවගේ සල්ලි වලින් නේද? එවගේම ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගනිද්දී ඒ සාමාන්‍ය ජනතාව සහ රජය නිසැකවම බලාපොරොත්තුවෙන්නේ ඒ ළමයා උපාධිය අරන් රටට සමාජයට වැඩක් කරරි කියල නේද? මම කියන්නේ රජයේ ‍රැකියාවක් කරන්න කියලනමි නෙමෙයි ඔන්න Smile with tongue out  පෞද්ගලික අංශයේ හෝ ස්වයං ‍රැකියාවක් හෝ ඕනිම දෙයක් කරන්න හැබැයි රටට ලෝකයට සමාජයට තමා ඉගෙන ගත් දෙයෙන් වැඩක් වෙන දෙයක් වෙන්න ඕනි මොකද 3න් වෙනි ලෝකයේ දියුණුවෙන රටක් විදිහට ඒක නිදහස් අධ්‍යාපනය අත්විඳින අපේ යුතුකමක් වෙන්න ඕනි නේද? මේක මගේ පෞද්ගලික මතය විතරයි කියල මම ආයෙ මතක් කරනවා හැමෝටම. බුද්ධි ගලනය ගැන කථාකරන අපි මේ වගේ සංවේදී දේවල් ගැන වැඩිය කථා න්කරන එක ගැන නම් වෙලාවකට ටිකක් පුදුම හිතෙනවා.

ඇයි මට මේවගේ දෙයක් ගැන මගේ අවංක අදහස් ටික ගොනු කරන්න හිතුනෙ කියලත් මට කියන්න ඕනි. මේ දවස් වල අවසාන වසරේ අපේ කට්ටිය ජොබ් හන්ටින්නේ. බොහෝ  දෙනකුගෙ නිරුවත පන්නන කාලෙ තමයි මේක. Smile මොකක් හරි ‍රැකියාවකින් සෑහීමකට පත්වීම මේ දවස් වල යාලුවො මුණගැහුනොත් මට අමුත්තක් නෙමෙයි. මේක ඒ ඒ පුද්ගලයට සාපේක්ෂයි.තමා යන තැන ගැන පොඩිම හරි අදහසක් තිබුනනම් මේක වෙන්නෙ නැහැ කියල මම හිතනවා සහ ඒ අදහස අඩුතරමේ කැම්පස් එකක් ‍තෝරද්දිවත් හිතල බලන්න ඕනි. මොකද බැංකුවක වැඩ කරන්න ඕනිනම් ඉංජිනේරු පීඨයේ අවුරුදු 4ක් නාස්ති කරන්න ඕනි නැහැනේ. ඒකට අදාල තැනක සහ කැමපස් එකකට ගිහින් යස අපූරුවට ඉගෙනගෙන උපාධියක් අරගෙන යන්න පුලුවන්නේ නේද? එහෙම කලානම් ඉංජිනේරු පීඨයට ඇවිත් ඉංජිනේරුවෙක් වෙලා රටට සමාජයට වැඩක් කරන්න බලන් හිටපු ඒත් එන්න බැරිවුන තවත් කෙනක්ට අවස්ථාවක් ලැබෙනවා නේද? ටිකක් හිතල බලන්න. මේක ඒක හේතුවක් සහ අනිත් හේතුව තමයි ලංකාවේ කැම්පස් එකකට ඇතුලු වෙලා ඊටපස්සේ අවුරුද්දක් විතර ඉඳල වෙන රටකට උසස් අධ්‍යාපනයට යන එක, ඒකෙන් වෙන්නෙ අනිත් අහිංසක දුප්පත් ළමයින්ට අරවහේ පුද්ගලයන්ගේ ආත්මාර්ථකාමීත්වය නිසාස්වර්ණමය අවස්ථාවන් නැතිවෙලා යන එක නේද?

මගේ ස්ථාවරය ඕක තමයි ඉතින්. Smile

ඔයාලටත් තව මොනාහරි කියන්න තියෙනවනම් කියන්න. අදහස් උදහස් සාදරයෙන් පිළිගන්නවා.

ජීවිතේ හරි පාර හොයාගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. ඔබට ජය!!

7.26.2009

"පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසුවදනක් නුඹගෙන්......"

w
කිහිප දිනක විරාමයකින් පස්සෙ පොඞි යමක් ලියන්න හිතුනා.. කොහොමත් පහුගිය දවස් ටිකේනමි නිවාඞු පාඞුවක් තිබුනෙම නැහැ මොනවත්ම ලියන්න. අප විශ්ව විද්‍යාලයේ හරිත මිතුරන්ගේ සංගමය විසින් අඛණ්ඞව තෙවන වරටත් පවත්වන ලද නෙතදර 2009 ඦායාරූප දැක්ම 2009 ජූලි 24 සහ 25 යන දිනවලදී ජාතික කලා භවනෙදි පැවැත්වුනා ඒවගේම AIESEC වැඞ කිහිපයකටත් සහභාගී වෙන්න වුනු නිසා බොහොම කාර්යබහුල දින කිහිපයක් ගතකලේ.

දැන් ඔයාල බලනවා ඇති මොකක්ද මේ "පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසුවදනක් නුඹගෙන්......" මාතෘකාව කියල.... "නදී ගංගා තරණයේ.." සින්දුව අසාඇත්තන්ටනමි නදීක ජයවර්ධන අමතකවෙන්න විදිහක් නැහැ... ඔහුගේ "සිහිනයක්" නම් ඇල්බමයේ එක් ගීතයක මුල් පදපෙල තමයි මේ. මීට කලින් අහලා නැතිනම් අහලම බලන්නකෝ.. "සිහිනයක්" නම් ඇල්බමය මෙතැනින් බාගන්නත් පුලුවන්. (මේ ගැන මට කියපු බින්කු கனிஷ்க NArada ට ස්තූතියි)



පදවැල මෙසේය.........

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්//

හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්නම්...
සේරුන්වුව ගයනා ගීය‍ට විරාමයක් දේනම්
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්...

එක සෘතුවකට පසුව නව සෘතුවක් පැමිණේනමි...
ගහ කොල මල් දළුලා යායට අලුතින් සැරසේනම්
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්...

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්//

මට කුමටද තව පසුවදනක් නුඹගෙන්.......


මම දකින විදිහටනමි අනර්ඝ පද රචනයක්...
හැබැයි මේ පදවැල කාගෙද කියලනම් මම දන්නෙ නැහැ. කවුරුහරි දන්නවනම් කියන මෙන් මම ඉල්ලන‍වා. කවුරු ලියුවත් හොඳ දෙයක් අගයන්න පසුබට වෙන්න ඹීන නැහැනේ?

ඇයි මම මේ ගීතය‍ට, පදවැල සහ සංගීත යෙදුමට මේ තරම් ම කැමති?? පුද්ගලික හේතුවක් නිසානමි නෙමෙයි ඹන්න.. ලංකාවේ 80-90 දශකවලින් පස්සේ සංගිතයද අනෙක් බහුතර ක්ෂේත්‍රයන් මෙන්ම හුදෙත් වාණිජකරණය වූ ක්ෂේත්‍රයක් වෙන්න අඞිතාලම් දාපුහැටි අපි හැමෝම දන්නවනේ? කියන්න කණගාටුයි.. දැන්නම් සංගිතයත් සමිපූර්ණයෙන්ම වාණිජකරණයවෙලා ඉවරයි. සංගිතඥයෙක් ඉස්සර සංගිතය නිර්මාණය කලේ ආත්ම තෘප්තිය තකාය. එයින් ඹහුට/ඇයට ආදායමක් නොලැබුනාම නෙමෙයි. නමුත් වත්මනේ සංගිතඥයන් යැයි කියාගන්න බහුතරයගේ චින්තනය මීට පරසපර විරෝධීය. විශේෂයෙන්ම "තරුණ පරපුරේ සංගිතඥයන්ගේ" හරසුන් පදමාලා සහිත රසාස්වාදයක් නැති "ගීත" මීට නිදසුන්ය. මෙවන් වු මඞ ගොහොරුවක මඞින් ඉහල‍ට පැමිණ සුපිපුණු ‍සත්පියුම් වන්වු අතලොස්සක් සංගිතඥයන් සිටීම ලංකාවේ සංගිත ක්ෂේත්‍රයට සුභ ලකුණක් විදිහට දකින්න පුළුවන්. කසුන් කල්හාර, නදීක ජයවර්ධන මේ අතලොස්සෙන් ඉදිරියෙන් සි‍ටින දෙදෙනෙක් කියල අවිවාදයෙන් දක්වන්න පුළුවන්.

"පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසුවදනක් නුඹගෙන්......" ගීතයේ තේරුම ගැන මොහොතක් සිතා බලමු. මට හැ‍‍ඟෙන පරිද්දෙන් නම් නැවුම් ආදරයක විරාමයකදී , නැවතීමේ තිතක අභියසදී ඈ විසින් පැවසීමට සැරසෙන පසුවදන ඇසීමට ඹහුට අනවැසි බවත් ඇගෙන් පසුව ඹහුද තවත් ඇරඹුමකට සූදානමි බවත් පැවසීමකි. "පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසුවදනක් නුඹගෙන්......" ගීතයේ තේරුමට හොඳින් පෑහෙන සංගිතයක් යොදල තියෙන බව අහපු ඹබටම තේරෙන්න ඇති නේද?

නෙතදරට පසු වදනක් බලාපොරොත්තු වන්න!!