7.26.2009

"පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසුවදනක් නුඹගෙන්......"

w
කිහිප දිනක විරාමයකින් පස්සෙ පොඞි යමක් ලියන්න හිතුනා.. කොහොමත් පහුගිය දවස් ටිකේනමි නිවාඞු පාඞුවක් තිබුනෙම නැහැ මොනවත්ම ලියන්න. අප විශ්ව විද්‍යාලයේ හරිත මිතුරන්ගේ සංගමය විසින් අඛණ්ඞව තෙවන වරටත් පවත්වන ලද නෙතදර 2009 ඦායාරූප දැක්ම 2009 ජූලි 24 සහ 25 යන දිනවලදී ජාතික කලා භවනෙදි පැවැත්වුනා ඒවගේම AIESEC වැඞ කිහිපයකටත් සහභාගී වෙන්න වුනු නිසා බොහොම කාර්යබහුල දින කිහිපයක් ගතකලේ.

දැන් ඔයාල බලනවා ඇති මොකක්ද මේ "පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසුවදනක් නුඹගෙන්......" මාතෘකාව කියල.... "නදී ගංගා තරණයේ.." සින්දුව අසාඇත්තන්ටනමි නදීක ජයවර්ධන අමතකවෙන්න විදිහක් නැහැ... ඔහුගේ "සිහිනයක්" නම් ඇල්බමයේ එක් ගීතයක මුල් පදපෙල තමයි මේ. මීට කලින් අහලා නැතිනම් අහලම බලන්නකෝ.. "සිහිනයක්" නම් ඇල්බමය මෙතැනින් බාගන්නත් පුලුවන්. (මේ ගැන මට කියපු බින්කු கனிஷ்க NArada ට ස්තූතියි)



පදවැල මෙසේය.........

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්//

හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්නම්...
සේරුන්වුව ගයනා ගීය‍ට විරාමයක් දේනම්
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්...

එක සෘතුවකට පසුව නව සෘතුවක් පැමිණේනමි...
ගහ කොල මල් දළුලා යායට අලුතින් සැරසේනම්
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්...

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්//

මට කුමටද තව පසුවදනක් නුඹගෙන්.......


මම දකින විදිහටනමි අනර්ඝ පද රචනයක්...
හැබැයි මේ පදවැල කාගෙද කියලනම් මම දන්නෙ නැහැ. කවුරුහරි දන්නවනම් කියන මෙන් මම ඉල්ලන‍වා. කවුරු ලියුවත් හොඳ දෙයක් අගයන්න පසුබට වෙන්න ඹීන නැහැනේ?

ඇයි මම මේ ගීතය‍ට, පදවැල සහ සංගීත යෙදුමට මේ තරම් ම කැමති?? පුද්ගලික හේතුවක් නිසානමි නෙමෙයි ඹන්න.. ලංකාවේ 80-90 දශකවලින් පස්සේ සංගිතයද අනෙක් බහුතර ක්ෂේත්‍රයන් මෙන්ම හුදෙත් වාණිජකරණය වූ ක්ෂේත්‍රයක් වෙන්න අඞිතාලම් දාපුහැටි අපි හැමෝම දන්නවනේ? කියන්න කණගාටුයි.. දැන්නම් සංගිතයත් සමිපූර්ණයෙන්ම වාණිජකරණයවෙලා ඉවරයි. සංගිතඥයෙක් ඉස්සර සංගිතය නිර්මාණය කලේ ආත්ම තෘප්තිය තකාය. එයින් ඹහුට/ඇයට ආදායමක් නොලැබුනාම නෙමෙයි. නමුත් වත්මනේ සංගිතඥයන් යැයි කියාගන්න බහුතරයගේ චින්තනය මීට පරසපර විරෝධීය. විශේෂයෙන්ම "තරුණ පරපුරේ සංගිතඥයන්ගේ" හරසුන් පදමාලා සහිත රසාස්වාදයක් නැති "ගීත" මීට නිදසුන්ය. මෙවන් වු මඞ ගොහොරුවක මඞින් ඉහල‍ට පැමිණ සුපිපුණු ‍සත්පියුම් වන්වු අතලොස්සක් සංගිතඥයන් සිටීම ලංකාවේ සංගිත ක්ෂේත්‍රයට සුභ ලකුණක් විදිහට දකින්න පුළුවන්. කසුන් කල්හාර, නදීක ජයවර්ධන මේ අතලොස්සෙන් ඉදිරියෙන් සි‍ටින දෙදෙනෙක් කියල අවිවාදයෙන් දක්වන්න පුළුවන්.

"පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසුවදනක් නුඹගෙන්......" ගීතයේ තේරුම ගැන මොහොතක් සිතා බලමු. මට හැ‍‍ඟෙන පරිද්දෙන් නම් නැවුම් ආදරයක විරාමයකදී , නැවතීමේ තිතක අභියසදී ඈ විසින් පැවසීමට සැරසෙන පසුවදන ඇසීමට ඹහුට අනවැසි බවත් ඇගෙන් පසුව ඹහුද තවත් ඇරඹුමකට සූදානමි බවත් පැවසීමකි. "පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසුවදනක් නුඹගෙන්......" ගීතයේ තේරුමට හොඳින් පෑහෙන සංගිතයක් යොදල තියෙන බව අහපු ඹබටම තේරෙන්න ඇති නේද?

නෙතදරට පසු වදනක් බලාපොරොත්තු වන්න!!

4 comments:

  1. මම දකින විදිහටනමි මේ ගීතයේ තේරුම ලස්සනයි. නමුත් පද මාලාවේ ගීතවත් බව අඩුයි. තනු නිර්මාණය කරපු කෙනාගේ දක්ෂතාවය සහ ගායකයාගේ දක්ෂතාවය නිසා මේ ගීතය මගෙත් හිතට ඇල්ලුවා. මේ වගේ පද මාලාවකට තනුවක් නිර්මාණය කරනවා කියන එක හුඟක් අමාරු වැඩක්.

    ReplyDelete
  2. ඒකතාව නම් සහතික ඇත්ත!!
    තනු නිර්මාපකයාගේ දක්ෂතාවය සහ ගායකයාගේ දක්ෂතාවයම් අනර්ඝයි....

    ReplyDelete
  3. මචන් උඹ royal ද?

    ReplyDelete
  4. මේක ලියල තියෙන්නේ චාමින්ද රත්නසූරිය. ඩැෆඩිල් මල, සින්ඩරෙල්ලා, හසඟනාවී, සුසුම් පොදක් වී, රැඩිකල් ප්‍රේමය, රෝමාන්තික ඔපෙරාව, මල් පිට මල් එහෙම ලියල තියෙන්නෙත් එයා තමයි. සංගීතය නම් කාගෙද කියල හරියටම දන්නෙ නැතත්, නදීක ගුරුගේ කරන්න ඇති කියල හිතෙනවා.

    ReplyDelete