9.07.2011

මගේ Android ජීවිතය

කොහොමද හැමෝටම?

කාලෙකට පස්සේ බ්ලොග් සටහනක් ලියන්න හිතුනා ඔන්න මටත්. ලියන්න දේවල් නම් අනන්තවත් හිතේ තියෙනවා ඒ වුනාට හැම තිස්සෙම වෙන මොකක්හරි වැඩක් පිටින දාලා නොලිය ඉන්නවා. වෙන දෙයක් නෙමෙයි තියෙන කම්මැලිකමේ හැටි තමයි. :D ජීවිතයේ අනිත් හැම වැඩක්ම එක්ක වුනත් බ්ලොග් සටහන් දෙක තුනක් මාසෙකට ලියන එක ලොකුදෙයක් නම් නෙමෙයි. හැබැයි ඉතින් මං වගේ එකෙක්ටනම් ලියන්න ආසාවක් එන්නම ඕනි :D

ලියන්න දෙයක් ගැන හිතුවහම මට මුලින්ම ආපු අදහස තමයි නුහුරු නුපුරුදු Android භාවිතයට හුරුවීම ගැන ටිකක් ලියන්න. ඇත්තටම කියුවොත් මම වැඩිය Android ගැන දැනුවත්ව හිටිය කෙනෙක්නම් නෙමෙයි. ඒත් මේ හැමෝම කතාකරන නිසා ටිකක් හොයල බලල කින්ද මන්ද කියල වත-ගොත හොයාගත්තා. ඒ හෙවිල්ල ඉවර වෙනකොටම මට ඕනිවුනා Android එකකට මාරුවෙන්න. ඊට පස්සේ පටන් ගත්තා මගේ පසුම්බියට දරන්න පුලුවන් මට්ටමේ Android phones සහ tablets හොයන්න. ඔය අතරතුර තමයි මම මේ review වීඩියෝ එක දැක්කේ.


ViewSonic ViewPad 7 කියන්නේ Android ටැබ් එකක්. ටිකක් specs එහෙම හොයල බැලුවාම ගන්නම හිතුනා. ලංකාවේ මේක හොයාගන්න නැහැ. ebay එකෙන් ඇනවුමක් දැම්මා. සති 3න් ටැබ් එක අතේ.

මගේ ආසම සහ නිතරම පාවිච්චි කරන apps සහ games විදිහට Facebook, Foursquare, Goodreads, HDR Camera, Last.fm, LinkedIn, Opera mini, QR Droid, RockPlayer, Skype, Sticky Notes, Task Manager, tTorrent, TweetDeck, Twitter, Vignette සහ winamp කියන්න පුලුවන්. මේ හැම එකක්මනම් හැමදාම පාවිච්චි වෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි හැමදාම පාවිච්චිවෙන ඒවා. Fruit Slice, NFS Shift, PES 2011, Fifa 10, Angry Birds සහ Angry Birds RIO :P සමහර ඒවා දැම්මේ කොහොමද කියල අහනව නෙමෙයි ඔන්න. හික්ස් ;)

මේ එක්කම තව ලිපි කිහිපයක්ම ලියාගෙන යනවා. පුලුවන් තරම් ඉක්මනටම පෝස්ට් කරන්නම්.

එතෙක් හිගින් එන්නම්........ :)

4 comments:

  1. ගොඩ කාලෙකට පස්සේ ලියන්න පටන් ගෙන වගේ. හොඳයි හොඳයි :) අනේ මේ දකුණු පැත්තේ දාලා තියන ලින්ක් වල පාට වෙනස් කරන්නකෝ. පෙන්නේ නැහැ. එහෙම නැත්තම් විනිවිද පෙන side bar back ground එක වෙනස් කරන්න. කියවන්න අමාරුයි back ground එකයි ලින්ක් ටිකයි ඔක්කොම එක පාටින් තියනකොට

    ReplyDelete
  2. හික්ස් මම ඕක අහගත්ත පලවෙනි පාර නෙමෙයි මේක. ඔන්න මට පුලු පුලුවන් විදිහට ටිකක් විතර වෙනස් කලා. දැන් shape කියල හිතනවා. එහෙමත් නැත්නම් expert කෙනෙකුගේ සහය පතන්න වෙනවා.

    ReplyDelete
  3. දැන් නම් පොඩ්ඩක් ශේප් :)

    ReplyDelete
  4. පසුතලය වෙනස් කරල බැලුවනම් හරි මට හිතෙන්නෙ :)

    ReplyDelete