12.28.2009

අද දවස....


ආයුබෝවන්ඩ!!

මම මේ මෙලෝ හසරක් නොතේරෙන දෙයක් ගැන පුංචි ගූගල් සෙවීමක් දන්න ආපු ගමන් මේ පැත්තටත් ඩිංගිත්තක් ගොඩ වෙලා යන්න හිතුනා.. අනේ මන්දා ඇයි කියලා...

වෙලාව හවස හතරත් පහුවෙලානෙ වෙලාව යනවා දැනුනෙවත් නැහැ, අම්මෝ මම මේ උදේ පාන්දරම පුස්තකාලෙට ගොඩ වැදුනු ගමන්මයි නේද කියල හිතනකොටත් ඔලුව කැරකවිල යනවා වගේ (බය වෙන්ඩ කාරි නැහැ මම මේ පාඩම් කරන්න කියල ආවට කරන්නෙ වෙන වෙන වැඩනේ හික් හික් :-D ඒ වගේම පුස්තකාලෙට ආවේ මාස ගානකට පස්සේ මම හිතන්නේ) දවල් කැමත් යන්තම් වගේ දඩි බිඩියෙම කෑව. හ්ම්... දැන්නම් පොඩි බඩගින්නකුත් එනවා. දුවන්න ඕනි ගොඩ පැත්තට බඩට මොනාහරි දාගෙන තේ එකක්වත් බීල එන්න.

ඒත් ඊට කලින් මේ තකහනියක් ආපු එකේ පුංචිම පුංච් දෙයකුත් කියලම යන්නම්කෝ. මේක මේ මගේ ආදරණීය ප්‍රියම්බිකාව මට එවපු කෙටි පයිණ්ඩයක් ගැන. ඒකෙ සටහන් වෙලා තිබුනෙනම් මෙන්න මෙහෙමයි.

"If you want to know how much I miss you try to catch rain drops. The one you caught is how much you miss me and the other drops you missed are how much I miss you "

ඒ වදන් පෙළේ සරල අදහස මෙසේයි. (ගැඹුරු අදහස් ගැන මමනම් දන්නේ නැහැ ඕං)
"මා ඔබ නැතිව කෙතරම් පාලුවෙන් සිටිනු දැයි දැන ගැනීමට නම් වැටෙන වැසි බ්ඳු අල්ලන්නට තැත් කරන්න, නුඹ අත වන් ඒ එක් වැහි බිංඳුව නුඹ මා නැතිව සිටින පාලුවනම් අතින් ගිලිහුනු අනෙක් වැහි පොද මා නුඹ නැතිව සිටිනා පාලුව මෙන්ය."

වෙන මොනව කියන්නද? ඒක දැක්ක මටම හිතුන මම කොයි තරම් වාසනවන්තද කියලා... හැබැයි පොඩි අවුලකට තියෙන්නේ අපි ඊයෙත් මුණගැහිලත් ඔහොම කියන එක තමයි :-P
(ඊයෙ අවතාර් හෙවත් AVATAR ගේ කතාව පස්සේ කියන්නම්කෝ)

අද දවසට ඔය ඇති.... අපි යනවා එහෙනම්!

3 comments:

  1. ආහ් මල්ලි,

    උඹේ ආරාධනාව පිට මමත් බ්ලොග් සටහනක් ලියන්න පටන් ගත්තා... ලියන ගමන් මේ පැත්තේ ආවා. කෝ? උඹත් කාලෙකින් මොකක්වත් ලියලා නැහැ නේ!!!

    ReplyDelete
  2. ඔන්න මමත් අද ඉඳන් වැඩේට බැස්සා.. ලියන්න නම් දාහක් දේවල් තිබුනට කෝ ඉතින් වෙලාවක් අපිට කියල කියන පදේ මෙච්චරකල් ගැහුව ඇති....

    අද් නොලියන ඒවා ආයේ කවදා ලියන්නද නේ?

    ReplyDelete
  3. this is interesting, never knew that you are into sinhala blogging :D keep it up

    ReplyDelete