5.30.2010

මගේ කෙරුවාව සහ ප්ලේන් ටී

හොඳටම නිදිමතයි. ඇස් දෙකෙන් නිදිමත බේරෙනවා! වැඩනම් ඉවරයි. ඒත් මේ බ්ලොග් එක ලියන්නමයි මේ තකහනියක්ම ඇහැරල ඉන්නේ. ප්ලේන් ටී එකකින් තමයි මේ බැටරි ටිකක් චාර්ජ් කරගෙන ඉන්නේ මොකද කලෙකට පස්සේ තමයි මේ මෙච්චර ‍රැ වෙනකන් ඇහැරල ඉන්නේ.

මේ නිවාඩු පාඩු තිබුනු දවස් ටිකේ පොඩි වැඩක් කලා. Windows 7 දැම්මට පස්සේ මගේ ලැප් රාජයාගේ තිබුණ ලොකු සහ වැදගත් අංගෝපාංගයක් compatibility ප්‍රශ්නයක් නිසා වැඩ කලේ නැහැ. මේක මේ ඇඟිලි සලකුණු ස්කෑනරයනේ :)





ෆෝරමයක තිබිල තමයි මේ ක්‍රමය හොයාගත්තේ. මෙතැනින් බලන්න පුලුවන් සම්පූර්ණ විස්තරය. ඒවගේම සිරා පාලක පුවරුවකුත් යාවත්කාල කරගන්න ලැබුණා. බලන්නකෝ :)

දැනට ඔය ඇති! පස්සේ හෙමීට හමුවෙමුකෝ. ගිහින් ඒනකන් ආයුබොවන්! :)





5.11.2010

ෂ්ෂ්............... දිගු නිහැඬියාවත බිඳීම












නොදැනීම....
නොතේරීම..........
දිගු කාලයක් ගෙවී ගොස්

කිමද මාහට නොදැනුනේ?
මා ජිවිතේ බෝ පසුපසින් වග
තනිවී නොමැත මුත්....
සිතින් ඔත්පලුය...

තව දුරක් යෑමට....
පෙරමඟ සරසන්න
කාලය එළැඹි බැව්
හැඳින්නෙමි මම....

පමා නැත මම තවම
වැරදි මඟ සකසන්න..
ආදරෙයි සොඳුරිය
මගේ දෑස වූ නුඹට....